Monday, December 13, 2010

සදා නොමියෙන ක්ලැරන්ස්


ක්ලැරන්ස් කියන්නේ අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්. ඔහුගේ වියෝවෙන් මෙතරම් කලක් ගිහිල්ලත් තාමත් අපි ඒ ගීත් වල ආස කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඇත්තටම ශ්‍රී ලාකීය සංගීත කරලියට අලුත් ම වෙනසක් හඳුන්වා දුන්න කෙනෙක් හැටියටත් අපිට ක්ලැරන්ස් විජේවර්දන මහතාව හඳුන්වන්න පුලුවන්.

මට මේ ලඟදි හම්බුනා මෑත කාලින ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "මේරියන්ස්" සංගීත කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ජනප්‍රිය ගීත කීපයක් නොනවතවා (non stop) ගායනා කරපු අවස්ථාවක් ඔවුන්ගේ ප්‍රසංගයකදී. ඉතින් මං වගේ ම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ගීත වලට ඇලුම් කරන කට්ටියත් එක්ක මේක බෙදා ගන්න ඕන කියල හිතුවා. මං හිතනවා මං වගේම ඔයාලත් මේ ගීත ගොඩක් රසවිඳීවි කියලා 


Friday, December 10, 2010

ජර මරේ3 - සුපර් පවර්ස්


කාලෙකින් මේ පැත්තේ ආවෙ. ගොඩක් දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා තිබ්බ වැඩ නිසා. ඔන්න ඉතින් මේ පාර ජර මරෙන් කියන්න හදන්නෙ අපේ ටිං ටිං ගැන. ටිං ටිං ගැන දැනටමත් ඔයාල දන්නවත් ඇති, මොකද පහුගිය කතා කීපයකම අපිට මිනිහව හම්බ උනා නේ. අද ඔයාලට කියන්න හදන්නේ ටිං ටිං ට තිබ්බ අපූරු හැකියාවක් ගැන. එහෙමත් නැත්නම් ටිං ටිංගේ "සුපර් පවර්ස්" ගැන.

Tuesday, July 20, 2010

ඩෙංගු වලට පිලියමක්



දුමීගේ අදහසකට අනුව අලුතින් හොයාගෙන තියෙන ඩෙංගු සඳහා වන ඖෂධය ගැන පොඩි පබ්ලිසිටි පාරක් දෙන්නයි යන්නේ. මේ දවස් වල හෝ ගාල පැතිරිලා යන ඩෙංගු උණ නිසා මේ වෙනකොටත් සෑහෙන්න මරන සංඛ්‍යාවක් සිද්දා වෙලා ඉවරයි. කෝටි ගණන් වියදම් කරලා ගෙන්නන බැක්ටීරියා ගෙන්නනකම් බලං හිටියොත් තව කීදෙනෙක්ට අවසන් ගමන් යන්න වෙයි ද දන්නේ නෑ. 

වැඩි වියදමකින් තොරව ගෙදරදීම උනත් හදා ගන්න පුලුවන් සුපිරි බේතක් තමයි මේ. ඒ තමයි ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් කොල වලින් හදා ගන්න ඉස්ම. මෙච්චර ගස්ලබු ගස් තියෙන මේ රටේ ආයෙ අමුතුවෙන් මහා වියදමක් කරන්නේ නැතුවම ලෙඩේ හොඳටම හොඳ කර ගන්න පුලුවන් එක කොච්චර දෙයක් ද. අනම් මනම් බයිලා ගහන්නේ නැතුව මං කෙලින් ම කියන්නම් කෝ බේත හදා ගන්න ඕන විදිහ.

Sunday, July 11, 2010

ජර මරේ 2 - මචං ගොඩක් අමාරුද...???


අද ජර මරෙන් කියන්න යන්නේ අපේ යාළුවො සෙට් එකේ ඉන්න තවත් යාළුවෙක් සම්බන්ද සිද්ධියක්. අපේ කතා නායකයා උපාසක. මිනිහා කොහොමත් ඉතින් සිල් ගත්ත වගේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් උපාසක ඤාව්වෝ තමයිලු මීයො ඩබල් ඩබල් අල්ලන්නේ.

කොහොම හරි මෙන්න මේකයි වෙච්ච සීන් කෝන් එක. අපේ උපාසකගේ පියානෝ වැඩ කරපු තැන පොඩි ජර මරයක් වෙලා. කොහෙන් කොහොම හරි ලාවට විතර චූටි ගුටි කෙලියකුත් ගිහින් තියෙනවා. මේක ආරංචි වෙච්ච උපාසක මේ සීන් කෝන් එක අපේ ටිංටිංට කිව්වා. ''මාර වැඩේනේ ටිංටිං, අපේ පියානෝ වැඩ කරන තැන පොඩි ජර මරයක් වෙලා නේ, තව පොඩ්ඩෙන් පියානෝත් මෙලෝඩිකා  වෙන්න කනවලු. වැඩේ තාමත් නැගලා යනවලු, කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ''. මොනා උනත් ඉතින් අතිජාත මිත්තරයනේ කියලා ටිංටිං පස්සේ අහලා බැලුවා මොකෝ තත්වේ කියලා. එතකොට දැන ගත්ත යන්තන් පියානෝ පැණි මුට්ටිය හිල් කරගන්නේ නැතුව (ඉංගිරීසියෙන් කිව්වොත්  oluwa palaa ganne nethuwa) යහතින් ගෙදර ආව කියල.

Friday, July 2, 2010

ජර මරේ 1 - ටච් ස්ක්‍රීන්

 හා හා පුරා කියල ජරමරේ පටන් ගන්න කියලයි යන්නේ...ඔක්කොටම කලින් ජර මරේ ඉන්න යාළුවෝ කස්ටිය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.  මේ කස්ටිය තාමත් රටේ නැති දේවල් ඉගෙන ගන්නවා. එහෙම කරන්න ගිහින් තමයි කස්ටිය සෙට් වෙලා තියෙන්නේ. මුන්ටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා ඔය එක එක නාඩගම් කරනවානේ.

කොහොමෙන් කොහොම හරි ඉතින් දැන් කස්ටියම ගජ යාළුවෝ. මේ කස්ට්යේ ඉතින් ඉන්නවා එක එක විදිහේ චරිත. හරියට නිකන් අච්චාරුවක් වගේ, එක වගේ දෙන්නෙක් හොයාගන්න අමරුයි. ඒ තරමට ම ජෛව විවිධත්වය. හැබැයි ඉතින් අනේද කියන්නේ රයිගමයයි ගම්පොලයයි වගේ කට්ටිය නම් ඕන තරම්.

Monday, June 28, 2010

ජර මරේ - ලඟදීම...

ජර මරේ කියන්නේ එකෝමත් එක රටක හිටපු, එකෝමත් එක යාළුවෝ කස්ටියක් ගැන ඔතාලා ගොතාලා කියන කතාවක්. මේ යාළුවෝ කස්ටියගේ හපංකම්, මෝඩකම් සහ පුරසාරම් ඇතුලු මෙකී නොකී සියලුම දේවල් එක ඇල පිල්ලක්,අල්පප්‍රාණයක් අඩු නොකර පොදු ජන පාං සංවේගය පිනිස අද හෙටම මගේ සාදර අනුග්‍රහයෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
අවවාදයයි : මෙහි සඳහන් සියලු නම්,ගම් සහ කතාව මනඃකල්පිත විය හැකි අතර ජීවත්ව සිටින හෝ සිටි යමෙකුට යම් සමානතාවක් දක්වයි නම් එය පට්ට කනාවක් විය හැකි බව කරුනාවෙන් සලකන්න...
 

Tuesday, June 8, 2010

බලු හුරතල්

මේ මට විද්‍යුත් තැපෑලෙන් ලැබිච්ච පිංතූර ටිකක්. හිතුන කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳා කියල...

සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ


Friday, May 28, 2010

අවවාදයයි : ආදර කතාවක් නොවේ



කාලෙකට පස්සෙ බලපු ටිකක් විදිහේ අමුතු, ඒ උනාට හිතට අල්ලපු චිත්‍රපටියක් හම්බුනා. වෙසක් මාසෙ හින්දා පිනක් කරගන්නත් කියල හිතුව කට්ටිය එක්ක බෙදා ගන්න ඕනෙ කියල. චිත්‍රපටියේ නම "500 days of summer". උඩ තියෙන පින්තූරෙ බැලුවම නම් මේක ආදර කතාවක් කියල හිතුනට ඇත්තටම මේක ආදර කතාවක් නෙමෙයි. ඔන්න නොකිව්වයි කියන්න එපා, කලින් ම කිව්වේ ඒකයි. නැත්නම් පස්සෙ මටනෙ අහගන්න වෙන්නෙ.

කතාව කෙටියෙන් මෙහෙමයි. ටොම් කියල කොල්ලෙක් ඉන්නව සුභ පැතුම්පත් නිර්මාණය කරන. මිනිහා පළමු හමුවීමෙන් ඇතිවන ආදරය, එහෙමත් නැත්නම් "love at 1st sight" වගේ දේවල් ගැන විශ්වාස කරන කොල්ලෙක්. දවසක් මිනිහ දකිනව බොස්ගෙ අලුත් ඇසිස්ටන්ට් එහෙමත් නැත්නම් සහයිකාව. දැක්ක වෙලාවෙ ඉඳන් කොල්ල මේ කෙල්ලට පිස්සු වැටෙනවා (හිත ගිය තැන මාළිගාව කියනවලු නේ). කොහෙන් කොහොම හරි ඉතින් මිනිහ මේ කෙල්ල එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නව. හැබැයි පොඩී අවුලක් තියෙනව..

Tuesday, May 18, 2010

අයං වස්සාන කාලෝ




මේ දවස් වල එකසිය ගානට වැස්ස. ගෙදරින් එලියට බහින්න බෑ පොඩි රවුමක් ගහල එන්න වත්. ගෙදර ඉන්නත් වස කම්මැලියි. මොනා කරන්නද ඉතින්, ඕන අලයක් වෙන්න කියල කාලෙක ඉඳන් කරන්න හිටපු වැඩකට අත ගැහුව.

ගොඩ කාලෙක ඉඳන් තිබ්බ අමාරුවක් තමයි ෆෝන් එක ෆ්ලෑශ් කරන්න ඕන කම. වැඩේ හරියට ම දන්නෙ නැති නිසා ටිකක් වැඩේ පස්සට දාල තිබ්බෙ. මොකද ඉතින් වැඩේ ගැස්සුනොත් ඉතින් ෆෝන් එක යකඩ බඩු කඩේකට දෙන්න තමයි වෙන්නේ.

Wednesday, May 12, 2010

ගොඩ දැමීම


අද යාලුවෙක්ව ගොඩ දාන්න බර ගේමක් දුන්න. ''ගොඩ දාන්න'' කිව්වේ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. මිනිහා මාස ගානක් තිස්සේ මූනු පොතේ චැට් එක දාගෙන ඉන්න කෙල්ලෙක්. ඇත්තම කිව්වොත් අපේම යාලුවෙක්ගෙ නෑනා පොඩ්ඩ, මිනිහම තමයි මම මුලින් කිව්ව යාලුවට නෑනා පොඩ්ඩ ගැන මුලින්ම කිව්වෙත්, දවසක් දෙකක් විතර කෙල්ලගේ ගෙදරත් එක්කන් ගියා එක එක හේතු හදාගෙන. අපිත් ඉතින් පැත්තක ඉඳන් ෆුල් සප් එක දුන්නා වැඩේට.

කොහෙන් කොහොම හරි මෙච්චර දවසක් මිනිහා වටෙන් ගොඩෙන් යාලුවෙක් වගේ කතා කරා විතරයි. තාම official  පැණි ටෝක් එක දාල තිබ්බෙ නෑ. විභාගෙ අරව මේව හින්දා වැඩේ කල් ගියා. විභාගෙ ඉවර උන ගමන් මමයි අර මස්සිනා පොඩ්ඩයි කොල්ලට තර්ජනය කරල කිව්ව ''උඹ කෙල්ලගෙන් දැන් ඇහුවෙ නැත්නම් අපි උඹට වෙඩි තියනවා'' කියලා. නැත්නම් මූ හැමදාම මේක කල් දදා  ඉන්නව මිසක් මේ කපේට අහන්නේ නෑ. කොහොම කොහොම හරි කොල්ලා ආයෙමත් ගේමට එන්ටර් උනා.

Saturday, May 8, 2010

එතෙක් හිඳින්නම් මග බලා....

දින, සති, මාස ගෙවී යයි මට ඔච්චම් කරමින්
තාමත් ඉන්නේ ඇයි ද නොලැබෙන සිහිනයක් පතා
නැතිද යන්නට වෙනත් මාවත්, එකම මගක නතර වී?
ලෝකය විසල්, මහ මුහුදටත් වඩා
පිහින යන්න පිහින යන්න, තව දේ බොහොමයි
විසිතුරු පාටින්, නා නා හැඩයෙන්
තෝරා ගන්නට ඕනෑ තරම්
තවත් කොතරම් කල් ඉන්නද, වෙනසක් වේ යැයි සිතනවා ද
නුඹ නම් මහා මෝඩයෙකි!!!

උඹ ඕනෑ දෙයක් කියපන්, මම සැලෙන්නෙ නෑ
තවත් ඕනෑ තරම් කලක් මම ඉන්නම්
නොලැබෙනා සිහිනය ලබාගත් දින
මමත් සිනාසෙන්නම් උඹට
ඒ දිනය ලඟම එනවා, ඔව් ඔව් ලඟම එනවා
එතෙක් හිඳින්නම් මග බලා...


Thursday, May 6, 2010

අලුත් උනා, වෙනස් උනා

මමත් මගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් ඉතින්  blogspot  එකේ අපිට ඕන විදිහට Template  හදා ගන්න දෙන්වනේ. අපි ඕනෙ විදිහට කිව්වට ඉතින් පොඩි පොඩි සීමා තියෙනව, හැබැයි කලින් තිබ්බට වඩා පහසුකම් තියෙනවා. http://draft.blogger.com එකට ගිහින් ඔයාලටත් පුලුවන් තමන්ගේ බ්ලොග් එක ලස්සනට හදා ගන්න. පොඩි ට්‍රයි එකක් දීල බලන්න නිකන් ඉන්න එකේ.

Tuesday, May 4, 2010

වැරැද්දක් ද ?


සම වයසේ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි විවාහ වෙන එකක/ආදර සම්බන්දයක් පටන් ගන්න එක නොගැලපෙන දෙයක් ද...? සමාජ විරෝධී, සදාචාර සම්පන්න නැති, සංස්කෘතියෙන් පිට, අසික්කිත්, අශීලාචාර, භයානක දෙයක් ද....?

මම ගොඩක් අහල තියෙනවා සාමාන්‍යයෙන් කසාද බදින්නෙ තමන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමියෙක්ව ලු (අපේ අම්ම,තාත්ත උනත් එහෙමයි). ඒ ඇයි කියන එක නම් මට එච්චර පැහැදිලි නෑ. සමහර විට පිරිමියා වයසින් වැඩි කෙනෙක් නිසා අත්දැකීම්, දැනුම, ශක්තිය වගේ දේවල් වලින් ගැහැනියට වඩා වැඩි නිසා වඩා හොඳින් තමන්ගේ භාර්යයාව රැක බලා ගන්න පුලුවන් කියල හිතල වෙන්න ඇති.

Saturday, May 1, 2010

ඉවරායි....


අම්මේ යන්තන් විභාගෙත් ඉවර උනා. ඉවර උන කිව්වට ඉතින් ඉවරම නෑ, තව එක විෂයක් ඉතුරුයි, ඒක මොනා හරි කරගන්න පුලුවන්. විභාගෙ ඉවරයි වගේ ම අපිත් ඉවරයි. ලිව්වට වඩා හිස් ඉඩ ඉතුරුයි, දැන් ඉතින් repeat කරන්න සල්ලි හොයා ගන්නත් වෙනව නේ....

මාස දෙකක් විතර නිවාඩු. ෆුල් ආතල් එකක් ගන්න ඕනෙ මේ දවස් වල කාපු කට්ටටත් එක්ක. අපෙ කස්ටියගෙ බර බර පැලෑන් නම් තියෙනව, ඕව ඉතින් කොහොම වෙයිද කියන්න බෑ වෙනකම්ම. ආහ් ඔය කිව්ව '"අපේ කස්ටිය'" ගැනත් පස්සෙ කියන්නම්කෝ. රසබර කතා ගොඩක් තියෙනව....

Saturday, April 17, 2010

සිංහලෙන් Programming ඉගෙන ගන්න



අපේ ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය Youtube එකේ කොච්චර tutorials හෙව්වත් තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසියෙන් නේ. ලංකාවෙ අපිට නම් ඉතින් සිංහල වලට වඩා හොඳට තේරෙන භාෂාවක් තියෙනවද? තේරෙන සිංහලෙන් තිබ්බනම් ආයෙ කියල වැඩක් නෑ නේ. ඒ උනාට ඉතින් ඒ වගේ දෙයක් නොකියත් බැහැ නේ. මට හම්බුනා මරු සයිට් එකක්, මේකෙ තියෙනවා Programming ගැන වීඩියෝ tutorials අපිට තේරෙන අපේ ම භාෂාවෙන්. 

සියිට් එක කරන්නෙ නම් ලංකාවෙම කෙල්ලො, කොල්ලො සෙට් එකක් (නැතුව ඉතින් සුද්දො කරන්නද).මේකෙ තියෙනව  php, Sql, JavaScript/AJAX, Other Hacks, Shell Script, HTML, C++, JAVA, CSS, Dreamweaver, .NET වගේ ක්‍රම ලේඛ භාෂා ගැන වීඩියෝ පාඩම්. කැමති කට්ටිය ඉන්නවනම් ගිහිල්ල ඩවුන්ලෝඩ් කරල බලන්න හොඳද කියල. මෙන්න ලින්ක් එක
www.kuppiya.com . තේරෙන සිංහලෙන් කුප්පියක් දාන්න හොඳ තැනක් වගේ...



Friday, April 16, 2010

ඔන්න පටන් ගත්තා...

හා හා පුරා කියල ඔන්න මමත් Blog එකක් ලියන්න පටන් ගත්ත.පටන් ගත්ත කිවුවට ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඔහේ හිතට ආපු දේවල් ටිකක් ලියල පළවෙනි post එක හැදුව (මේක වැඩ කරන හැටි බලාගන්නත් එපැයි). පස්සෙ පස්සෙ හොඳ හොඳ දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියෙනව. බලමුකෝ ඉතින්...


මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.