මේ දවස් වල එකසිය ගානට වැස්ස. ගෙදරින් එලියට බහින්න බෑ පොඩි රවුමක් ගහල එන්න වත්. ගෙදර ඉන්නත් වස කම්මැලියි. මොනා කරන්නද ඉතින්, ඕන අලයක් වෙන්න කියල කාලෙක ඉඳන් කරන්න හිටපු වැඩකට අත ගැහුව.
ගොඩ කාලෙක ඉඳන් තිබ්බ අමාරුවක් තමයි ෆෝන් එක ෆ්ලෑශ් කරන්න ඕන කම. වැඩේ හරියට ම දන්නෙ නැති නිසා ටිකක් වැඩේ පස්සට දාල තිබ්බෙ. මොකද ඉතින් වැඩේ ගැස්සුනොත් ඉතින් ෆෝන් එක යකඩ බඩු කඩේකට දෙන්න තමයි වෙන්නේ.

