
අද ජර මරෙන් කියන්න යන්නේ අපේ යාළුවො සෙට් එකේ ඉන්න තවත් යාළුවෙක් සම්බන්ද සිද්ධියක්. අපේ කතා නායකයා උපාසක. මිනිහා කොහොමත් ඉතින් සිල් ගත්ත වගේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් උපාසක ඤාව්වෝ තමයිලු මීයො ඩබල් ඩබල් අල්ලන්නේ.
කොහොම හරි මෙන්න මේකයි වෙච්ච සීන් කෝන් එක. අපේ උපාසකගේ පියානෝ වැඩ කරපු තැන පොඩි ජර මරයක් වෙලා. කොහෙන් කොහොම හරි ලාවට විතර චූටි ගුටි කෙලියකුත් ගිහින් තියෙනවා. මේක ආරංචි වෙච්ච උපාසක මේ සීන් කෝන් එක අපේ ටිංටිංට කිව්වා. ''මාර වැඩේනේ ටිංටිං, අපේ පියානෝ වැඩ කරන තැන පොඩි ජර මරයක් වෙලා නේ, තව පොඩ්ඩෙන් පියානෝත් මෙලෝඩිකා වෙන්න කනවලු. වැඩේ තාමත් නැගලා යනවලු, කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ''. මොනා උනත් ඉතින් අතිජාත මිත්තරයනේ කියලා ටිංටිං පස්සේ අහලා බැලුවා මොකෝ තත්වේ කියලා. එතකොට දැන ගත්ත යන්තන් පියානෝ පැණි මුට්ටිය හිල් කරගන්නේ නැතුව (ඉංගිරීසියෙන් කිව්වොත් oluwa palaa ganne nethuwa) යහතින් ගෙදර ආව කියල.
