දින, සති, මාස ගෙවී යයි මට ඔච්චම් කරමින්
තාමත් ඉන්නේ ඇයි ද නොලැබෙන සිහිනයක් පතා
නැතිද යන්නට වෙනත් මාවත්, එකම මගක නතර වී?
ලෝකය විසල්, මහ මුහුදටත් වඩා
පිහින යන්න පිහින යන්න, තව දේ බොහොමයි
විසිතුරු පාටින්, නා නා හැඩයෙන්
තෝරා ගන්නට ඕනෑ තරම්
තවත් කොතරම් කල් ඉන්නද, වෙනසක් වේ යැයි සිතනවා ද
නුඹ නම් මහා මෝඩයෙකි!!!
උඹ ඕනෑ දෙයක් කියපන්, මම සැලෙන්නෙ නෑ
තවත් ඕනෑ තරම් කලක් මම ඉන්නම්
නොලැබෙනා සිහිනය ලබාගත් දින
මමත් සිනාසෙන්නම් උඹට
ඒ දිනය ලඟම එනවා, ඔව් ඔව් ලඟම එනවා
එතෙක් හිඳින්නම් මග බලා...

