අද යාලුවෙක්ව ගොඩ දාන්න බර ගේමක් දුන්න. ''ගොඩ දාන්න'' කිව්වේ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. මිනිහා මාස ගානක් තිස්සේ මූනු පොතේ චැට් එක දාගෙන ඉන්න කෙල්ලෙක්. ඇත්තම කිව්වොත් අපේම යාලුවෙක්ගෙ නෑනා පොඩ්ඩ, මිනිහම තමයි මම මුලින් කිව්ව යාලුවට නෑනා පොඩ්ඩ ගැන මුලින්ම කිව්වෙත්, දවසක් දෙකක් විතර කෙල්ලගේ ගෙදරත් එක්කන් ගියා එක එක හේතු හදාගෙන. අපිත් ඉතින් පැත්තක ඉඳන් ෆුල් සප් එක දුන්නා වැඩේට.
කොහෙන් කොහොම හරි මෙච්චර දවසක් මිනිහා වටෙන් ගොඩෙන් යාලුවෙක් වගේ කතා කරා විතරයි. තාම official පැණි ටෝක් එක දාල තිබ්බෙ නෑ. විභාගෙ අරව මේව හින්දා වැඩේ කල් ගියා. විභාගෙ ඉවර උන ගමන් මමයි අර මස්සිනා පොඩ්ඩයි කොල්ලට තර්ජනය කරල කිව්ව ''උඹ කෙල්ලගෙන් දැන් ඇහුවෙ නැත්නම් අපි උඹට වෙඩි තියනවා'' කියලා. නැත්නම් මූ හැමදාම මේක කල් දදා ඉන්නව මිසක් මේ කපේට අහන්නේ නෑ. කොහොම කොහොම හරි කොල්ලා ආයෙමත් ගේමට එන්ටර් උනා.

