Showing posts with label රොබින්. Show all posts
Showing posts with label රොබින්. Show all posts

Sunday, July 11, 2010

ජර මරේ 2 - මචං ගොඩක් අමාරුද...???


අද ජර මරෙන් කියන්න යන්නේ අපේ යාළුවො සෙට් එකේ ඉන්න තවත් යාළුවෙක් සම්බන්ද සිද්ධියක්. අපේ කතා නායකයා උපාසක. මිනිහා කොහොමත් ඉතින් සිල් ගත්ත වගේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් උපාසක ඤාව්වෝ තමයිලු මීයො ඩබල් ඩබල් අල්ලන්නේ.

කොහොම හරි මෙන්න මේකයි වෙච්ච සීන් කෝන් එක. අපේ උපාසකගේ පියානෝ වැඩ කරපු තැන පොඩි ජර මරයක් වෙලා. කොහෙන් කොහොම හරි ලාවට විතර චූටි ගුටි කෙලියකුත් ගිහින් තියෙනවා. මේක ආරංචි වෙච්ච උපාසක මේ සීන් කෝන් එක අපේ ටිංටිංට කිව්වා. ''මාර වැඩේනේ ටිංටිං, අපේ පියානෝ වැඩ කරන තැන පොඩි ජර මරයක් වෙලා නේ, තව පොඩ්ඩෙන් පියානෝත් මෙලෝඩිකා  වෙන්න කනවලු. වැඩේ තාමත් නැගලා යනවලු, කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ''. මොනා උනත් ඉතින් අතිජාත මිත්තරයනේ කියලා ටිංටිං පස්සේ අහලා බැලුවා මොකෝ තත්වේ කියලා. එතකොට දැන ගත්ත යන්තන් පියානෝ පැණි මුට්ටිය හිල් කරගන්නේ නැතුව (ඉංගිරීසියෙන් කිව්වොත්  oluwa palaa ganne nethuwa) යහතින් ගෙදර ආව කියල.

Friday, July 2, 2010

ජර මරේ 1 - ටච් ස්ක්‍රීන්

 හා හා පුරා කියල ජරමරේ පටන් ගන්න කියලයි යන්නේ...ඔක්කොටම කලින් ජර මරේ ඉන්න යාළුවෝ කස්ටිය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.  මේ කස්ටිය තාමත් රටේ නැති දේවල් ඉගෙන ගන්නවා. එහෙම කරන්න ගිහින් තමයි කස්ටිය සෙට් වෙලා තියෙන්නේ. මුන්ටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා ඔය එක එක නාඩගම් කරනවානේ.

කොහොමෙන් කොහොම හරි ඉතින් දැන් කස්ටියම ගජ යාළුවෝ. මේ කස්ට්යේ ඉතින් ඉන්නවා එක එක විදිහේ චරිත. හරියට නිකන් අච්චාරුවක් වගේ, එක වගේ දෙන්නෙක් හොයාගන්න අමරුයි. ඒ තරමට ම ජෛව විවිධත්වය. හැබැයි ඉතින් අනේද කියන්නේ රයිගමයයි ගම්පොලයයි වගේ කට්ටිය නම් ඕන තරම්.

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.