Tuesday, May 31, 2011

ජර මරේ 4 - ඉඩෝරය


කාලෙකට පස්සේ තවත් ජරමරේ එපිසෝඩ් එකක් ලියන්නෙ. අද කතාව අපේ පැන්ඩා ආයෙත් පාරක් මහ දවල් විදගත්ත හැටි ගැන. මේක උනේ අපේ කස්ටිය පාටසාලාවේ අග්‍ර වර්ෂික මහා අභාගෙට මූණ දෙන්න ආපු දවසක්. අපේ කස්ටියගේ වැඩ කොහොමත් පිළිවෙළ නිසා අභාගෙටත් අනිත් හැම එකටම වගේ කල් තියා ම ලැහැස්ති වෙලා බොහො ම කූල් එකේ තමයි ඇවිත් තිබ්බේ. (සිරා ගන්න එපා විහිළුවට කිව්වේ) අපේ මල්ටි මීටර් ටිකත් බහුතර මහ ජනතාව වගේ එදා දවසේ තමයි පොතෙන් භාගයක් විතර බලන්න හිතන්නේ.

Wednesday, April 13, 2011

සුභ නව වසරක් වේවා !!!



බ්ලොග් අවකාශයේ සැමට ම කිරි ඉතිරෙන, පැණි බේරෙන, වලියෙන් තොර-සොමියෙන් පිරි, ජරමර කරදර නැති, ආතල් වෑහෙන 

සුභ ම සුභ නව වසරක් වේවා!!!

Thursday, March 3, 2011

laptop එක overheat උනොත් ???


laptop පාවිච්චි කරන ගොඩක් අය දන්නව ඇති desktop පරිගනකයක් පාවිච්චි කරනව වගේ නෙමෙයි laptop පරිගනක රත් වීම ටිකක් විතර වැඩී කියල. ඉතින් අපි මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්නකොට එක පාරටම laptop එක ගිනි ගන්නවා වගේ තත්වයක් ඇති උනොත් ඔක්කොම කොට උඩ නේ.

Saturday, February 5, 2011

පෙට්ටිය බෙදා ගන්න


අද මම කියන්න හදන්නේ මට හම්බ උන මරු පෙට්ටියක් ගැන. පෙට්ටියක් කිව්වට මේක ඇත්තම පෙට්ටියක් නෙමෙයි. cloud computing කියන තාක්ෂනය යොදා ගෙන අපිට අපි ලඟ තියෙන ඕනෑම වර්ගයක ගොනු (files) තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න හරි, සුරක්ෂිතව ගබඩා කරල තියන්න හරි පුලුවන් ක්‍රමයක්. මේ නිසා හදිස්සියෙ හරි පරිගනකයේ දත්ත විනාශ වීමක් හරි, වයිරස් බලපෑමක් මත මැකී යාමක් හරි උනොත් බය වෙන්න දෙයක් නෑ. මොකද ඕන කරන දේවල් ඔක්කොම පෙට්ටියෙ බොහොම පරිස්සමට තියෙන නිසා.

Monday, January 31, 2011

සවන් යොමා අසනු මැන මේ දුක් ගීය



සිංහල බ්ලොග් අවකාශයේ අපේ සහෘදයෙක් වන ඉලංදාරියා හට අපේ උදව්ව අවශ්‍ය වී ඇති මේ මොහොතේ අපි හැමෝම හැකි අයුරින් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා නම් එය ඔහුට මහත් ශක්තියක් වනවා නොඅනුමානයි.

ඉලංදාරියාගෙ කතාව ඔහුගේ වචන වලින් දැන ගන්න ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. මිනිසෙකුට උදව් කල යුත්තේ ඔහුට එය හොඳින් ම අවශ්‍ය විට දී මිස වෙලාව පසු වූ පසු බොරුවට දුක් වීමෙන් නොවෙයි. සවන් සොයන ඔහුට මඳකට සවන් දෙන්න. නෑසුනා සේ සිටින්නට එපා...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.