Saturday, February 5, 2011

පෙට්ටිය බෙදා ගන්න


අද මම කියන්න හදන්නේ මට හම්බ උන මරු පෙට්ටියක් ගැන. පෙට්ටියක් කිව්වට මේක ඇත්තම පෙට්ටියක් නෙමෙයි. cloud computing කියන තාක්ෂනය යොදා ගෙන අපිට අපි ලඟ තියෙන ඕනෑම වර්ගයක ගොනු (files) තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න හරි, සුරක්ෂිතව ගබඩා කරල තියන්න හරි පුලුවන් ක්‍රමයක්. මේ නිසා හදිස්සියෙ හරි පරිගනකයේ දත්ත විනාශ වීමක් හරි, වයිරස් බලපෑමක් මත මැකී යාමක් හරි උනොත් බය වෙන්න දෙයක් නෑ. මොකද ඕන කරන දේවල් ඔක්කොම පෙට්ටියෙ බොහොම පරිස්සමට තියෙන නිසා.

මේකෙ තියෙන තවත් වාසියක් තමයි අපිට එකම folder එකක් අපේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක බෙදා ගන්න පුලුවන්. කණ්ඩායම් ව්‍යාපෘති කරන කාලෙට නම් කියාපු භාණ්ඩේ. මොකද සැරින් සැරේ e mail කර කර ඉන්න ඕන නෑ නේ. කට්ටිය කරන වැඩ ටික dropbox folder  එකට දැම්ම ම අනිත් අයටත් ඒක අරගන්න පුලුවන් නිසා. අපිට ලෝකේ ඕනෑ ම තැනකින් අපේ dropbox ගිනුමට ඇතුල් වෙලා අපේ ගොනු ටික නැවතන් ලබා ගන්න පුලුවන්.




අනික මේකෙන් අපේ පරිගනකයේ පවත්වන් යන dropbox folder එකට අනුව dropbox  වෙබ් අඩවියේ තියෙන ගොනු ඉබේම synchronize කරගන්න නිසා සැරින් සැරේ අපි කරන වෙනස්කම් අනුව අලුතෙන් files එකතු කරන්න උවමනා වෙන්නෙ නෑ. සුරක්ෂිත කරන්න හරි බෙදා ගන්න හරි ඕන files අපේ dropbox folder එකට දැම්ම ම dropbox අපි වෙනුවෙන් ඒ වැඩේ කරල දෙනවා. dropbox අනිත් file sharing වෙබ් අඩවි වලින් වෙනස් වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි.

පටන් ගන්නකොට ම අපිට 2GB ඉඩක් dropbox වෙතින් නොමිලේම ලබා දෙනවා. අපිට උවමනා නම් මුදල් ගෙවලා තවත් අමතර ඉඩ ලබා ගන්නත් පුලුවන්. මුදල් ගෙවීමකින් තොරවම අමතර ඉඩක් ගන්න ක්‍රමයකුත් තියෙනවා. කරන්න තියෙන්නේ යාළුවො කීප දෙනෙක්ව dropbox වෙත හඳුන්වා දෙන එක විතරයි. මේ ක්‍රමයෙන් ඇත්තටම ඔයාට විතරක් නෙමෙයි ඔයා හඳුන්වා දෙන යාළුවාටත් වාසියි. මොකද දැනට dropbox පාවිච්ච කරන කෙනෙක් මාර්ගයෙන් dropbox වල ලියාපදිංචි වෙන කෙනෙක්ට අර නොමිලේ දෙන 2GB වලට අමතරව තවත් 256MB නොමිලේ ම ලැබෙනවා. මේ 256MB ප්‍රමාණය අර අලුත් සාමාජිකයාව හඳුන්වා දුන්න පරණ කෙනාටත් ලැබෙනවා. ඉතින් ඔයයි යාළුවයි දෙන්න ම ගොඩ.

                                          
අලූතින් dropbox වල ලියාපදිංචි වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මගේ referral link එක. මේක මගින් ගිහින් dropbox වල ලියාපදිංචි වෙලා අමතර 256MB ලබා ගන්න පුලුවන්. (මටත් ඉතින් පොඩි උදව්වක් දෙන ගමන් ම). මං හිතනවා ඔයාලා dropbox වලින් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා. තවත් මේ වගේ සේවා ගැන දැන ගත්තොත් අනිවා ඔයාලත් එක්ක බෙදා ගන්නම්.

                                          

No comments:

Post a Comment

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.