Friday, July 2, 2010

ජර මරේ 1 - ටච් ස්ක්‍රීන්

 හා හා පුරා කියල ජරමරේ පටන් ගන්න කියලයි යන්නේ...ඔක්කොටම කලින් ජර මරේ ඉන්න යාළුවෝ කස්ටිය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.  මේ කස්ටිය තාමත් රටේ නැති දේවල් ඉගෙන ගන්නවා. එහෙම කරන්න ගිහින් තමයි කස්ටිය සෙට් වෙලා තියෙන්නේ. මුන්ටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා ඔය එක එක නාඩගම් කරනවානේ.

කොහොමෙන් කොහොම හරි ඉතින් දැන් කස්ටියම ගජ යාළුවෝ. මේ කස්ට්යේ ඉතින් ඉන්නවා එක එක විදිහේ චරිත. හරියට නිකන් අච්චාරුවක් වගේ, එක වගේ දෙන්නෙක් හොයාගන්න අමරුයි. ඒ තරමට ම ජෛව විවිධත්වය. හැබැයි ඉතින් අනේද කියන්නේ රයිගමයයි ගම්පොලයයි වගේ කට්ටිය නම් ඕන තරම්.

අද කතාව කියන්න යන්නේ මේ යාළුවෝ සෙට් එකෙන් අපේ පැන්ඩාටයි ටිංටිංටයි වෙච්ච පොඩි අකරතැබ්බියක් ගැනයි. උදේ ඉඳන් වේලි වේලි ඉඳල පැන්ඩා, ටිංටිං සහ රොබින්(හුඩ්) තුන් කට්ටුව වැටෙන්න කන්න කියල හිතාගෙන ගියා කඩ පොඩ්ඩක් හොයාගෙන. අනිත් අය වගේ ගෙදරින් බත් ගෙඩියක් බැඳන් එන්නෙ නැති නිසා මේ තුන් දෙනා හැමදාම කන්න කඩේට ගාටනව. කාලා, බීලා එද්දී චුට්ටක් විතර පරක්කු උනා. ඔන්න ඔහේ ඕන අලයක් වෙන්න කියල කස්ටියත් එක්කම ආව පන්තියට. එතකොටත් ඇදුරුතුමී ඇවිත් මොනාදෝ දෙසනවා. අපේ යාළුවෝ තුන් දෙනාගෙන් රොබින්(හුඩ්) වෙන පන්තියකට යන නිසා ඉතුරු උනේ පැන්ඩ සහ  ටිංටිං විතරයි. පරක්කු වෙලා යනව කියන්නේ අනිවා නෝන්ඩි ටොන් එකක් විතර සෙට් වෙන වැඩක් නේ. ඒ  මදිවට ඇදුරුතුමීට පුෂ්ප රංජනය උනොත් ඊටත් හපං. කෝකටත් ලැජ්ජ, බය දොර ලඟ තියලා දෙන්නත් එක්ක ඇතුලට ගියා

හිතුව තරම් ලොකු අවුලක් නෑ. (අපේ කස්ටියගේ පාටසාලාවේ පොඩි නීතියක් තියෙනවා තම තමන්ගේ  අතේ ගෙනියන CDMA දුරකතන හාවක් හූවක් නැති වෙන්න දත කට බැඳල තියා ගන්න ඕන. නිකන් හරි බෙරිහන් දෙන්න ගත්තොත් ආචාරියාට හරි ඇදුරුතුමීට හරි පුෂ්ප රංජනය වෙන්න පුලුවන්.) ඔන්න ඉතින් අපේ දෙන්නත් ඇතුලට ගියාට වාඩි වෙන්න තැනක් නෑ. වටේ පිටේ කැරකිලා යන්තන් තැනක් හොයාගෙන හරිබරි ගැහිලා වාඩි වෙලා ඇදුරුතුමී කියන දේ දිහා නිකන් තේරෙනවා වගේ අහන් ඉන්න ගත්තා. වැඩි වෙලාවක් යන්න ගියේ නෑ මෙන්න බොලේ අහල පුරුදු සිංදුවක් ඇහෙනවා කන ගාවින්.

ටිංටිං පොඩ්ඩක් බෙල්ල කරකවලා බැලුවා කොහෙන්ද බොලේ මේ බජව්වක් ඇහෙන්නේ කියලා. මෙන්න බොලේ පැන්ඩා දිව හපාගෙන මිනිහාගේ අතේ ගෙනියන පෝං එක එහාට මෙහාට අඹරනවා. එතකොට තමයි ටිංටිංට වැඩේ මීටර් උනේ. පැන්ඩට කෝල් එකක් ඇවිත්, ඒක කට් කරන්න තමයි මේ දඟලන්නේ. ඉඳල හිටලා පන්තිවල ඔය වගේ පොඩි පොඩි ජල්බරි වෙනවා, හැබැයි අයිතිකාරයෝ වහාම බෙරිහන් දීම නවත්ත ගන්නවා. හැබැයි අද තප්පර 10ක් 15ක් ගියත් බෙරිහන් දීම නැවතුනේ නෑ. බැරිම තැන පැන්ඩට උනා පෝං එකේ බැටරිය ගලවලා සද්දේ නවත්තන්න. ඇදුරුතුමීගෙන් පොඩි දෝසමුරයක් ආවට වැඩේ අල උනේ නෑ. හැබැයි ඉතින් පන්තියේ හැමෝටම වැඩේ මීටර්.

පස්සේ තමයි පැන්ඩා සිද්දීය කිව්වේ. ''මාර වැඩේනේ මචං, මේ කෙහෙල්මල ටච් ස්ක්‍රීන් නේ. කෝල් එකක් නෙමෙයි ආවෙ, කොහොම හරි එහෙන් මෙහෙන් එබිලා සිංදුවක් යන්න අරන්. ඒකයි මට නවත්ත ගන්න බැරි උනේ''. හැබැයි ඉතින් එදාට පස්සේ පැන්ඩාව දැක්ක ගමන් අර එක පාරට ඇහිච්ච සිංදුව කියාගෙන යන්න පන්තියේ යාළුවෝ අමතක කරේ නම් නෑ. ඒ වෙලාවට නම් ඉතින් පැන්ඩගේ මූන සත පහ වෙනවා බලන්න ටිකට් ගත්තත් පාඩු නෑ .

8 comments:

  1. හික් හික්!! සිරා කතාව....:b

    ReplyDelete
  2. @blog gadol,හිඟන්නා,thariya,Ãමල්$hã- ස්තුතියි මචං.පුලුවන් විදිහට දානවා.

    ReplyDelete
  3. අපෝ ඔය ටච් නම් ලෝක ලෙඩක්... හික් හික්... පව් අර කොල්ල.

    ReplyDelete
  4. කොල්ලාටත් ඒක දැන් ටච් වෙලා නේ තියෙන්නේ...... :f

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...