කාලෙකට පස්සේ තවත් ජරමරේ එපිසෝඩ් එකක් ලියන්නෙ. අද කතාව අපේ පැන්ඩා ආයෙත් පාරක් මහ දවල් විදගත්ත හැටි ගැන. මේක උනේ අපේ කස්ටිය පාටසාලාවේ අග්ර වර්ෂික මහා අභාගෙට මූණ දෙන්න ආපු දවසක්. අපේ කස්ටියගේ වැඩ කොහොමත් පිළිවෙළ නිසා අභාගෙටත් අනිත් හැම එකටම වගේ කල් තියා ම ලැහැස්ති වෙලා බොහො ම කූල් එකේ තමයි ඇවිත් තිබ්බේ. (සිරා ගන්න එපා විහිළුවට කිව්වේ) අපේ මල්ටි මීටර් ටිකත් බහුතර මහ ජනතාව වගේ එදා දවසේ තමයි පොතෙන් භාගයක් විතර බලන්න හිතන්නේ.
ඔන්න ඉතින් කට්ටිය පොත් පෙලරගෙන, නෝට් ලියා ගත්තු තුණ්ඩු කෑලෙ එහෙ මෙහෙ වපුරගෙන, පරණ පස්ස පත්තර හපාගෙන-විකාගෙන පාඩම් කරන්න ෆුල් ට්ර්යි එකක් දෙනවා. මුන්ට තව ටිකකින් අභාගෙ නේද කියල වත් මීටර් එකක් නෑ ඇහැට කනට පේන කෙල්ලෙක් ළඟපාතිත් ගියොත්. "දුන් දේ සුවදයි-කෑ දේ ගදයි" කියල කියන නිසා වෙන්න ඇති වහා ම අනිත් කස්ටියත් සිග්නල් එක දෙනවා. මීට හපන් කට්ටිය ගේ නයි ඇරිල්ල. මොකක් හරි ගල් බේගලයක් කියන්න පටන් ගන්නවා පොඩ්ඩක් වෙලා පොතක් වෙලා බලන් හිටියොත්. අනේද කියන්නෙ අනිත් උන් ටිකත් පටස් ගාල සෙට් වෙනව කඩේ අරින්න. ඉතින් ළඟ පාත ඉන්න එකෙක්ට වත් වැඩක් කරගන්න නෑ.
ඔහොම කෙබර ඇද බබා ඉන්නකොට කොහොම හරි කවුරු හරි "සුන්දර ළමා කාලය" ගැන කතාවක් ඇදලා ගත්තා. කට්ටිය ඉතින් පොඩි කාලෙ කරපු දස වැඩ ගැන ලුණු ඇඹුල් ඇතිව කියනවා. එතකොට තමයි පැන්ඩා තමන්ගේ බාල කාලෙ කරපු වැඩක් ගැන කිව්වේ. මෙන්න මේකයි සිද්ධ උනේ.
...ඔය හොදයි බං, මම පොඩි කාලෙ රචනයක් ලියල අපේ ටීචර් අම්මටත් එන්න කියල කිව්ව පුතාගෙ රචනේ බලන්න. හරියට ම මතක නෑ කොයි පංතියෙ ද කියලා. කොහොම හරි අපේ අම්මත් ආව රචනේ බලන්න. පට්ට නෝණ්ඩිය මට. බඩ කපාගෙන මැරෙන්න හිතුණා ඒ වෙලාවෙ නම්
මේක අහන් හිටපු අපිට නිකං විශ්වකෝශෙකින් ඔළුවට දමල ඇරියා වගේ. කට්ටිය ම මාන්දම් වෙලා ඉන්නව මොකක් ද මේ හරුපේ තේරුම කියලා මීටර් කරගන්න බැරුව. බැරිම තැන ජප්පා (ජෙප්පා නෙමෙයි හොදේ 'ජප්ප') ඇහුව
"ඉතින් බං අම්මටත් එන්න කියල රචනේ පෙන්නුව නම් ඒක උඹ සුපිරියට ම ලියල තියෙන්න ඇති නේ, ඉතින් මොකක් ද ඒකෙ තියෙන නෝණ්ඩිය. දැන් උඹ අහවල් එකක් ගැන ද ඕක ලිව්වේ" කියලා.
පැන්ඩා කියාපි "අහවල් එකක් ගැන ලිව්ව නම් තව එකක්. රචනේ මාතෘකාව ඉඩෝරය. මං ඉතින් ඔය කාලෙ දන්නව ද බං ඉඩෝරය කියන්නෙ මොකක්ද කියල. මං ගෙදර ගිහින් කිව්වා ඉඩෝරයක් පෙන්නන්න කියලා. ගෙදර මිනිස්සු කිව්වට ඒක එහෙම පෙන්නන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මම හෙණ ගේම බලන්න ම ඕනෙ කියලා. ඒ දවස් වල අපේ ගෙවල් ඉස්සරහා පාරට තාර දානව. දන්නවනේ ඉතින් පරවල් හදද්දී ගේනවනේ ඔය නානාප්රකාර වාහන. මගේ වදෙන් බේරෙන්න බැරිම තැන එතන තිබ්බ ගල් රෝලක් පෙන්නල කිව්ව අන්න අරක තමයි ඉඩෝරය කියල. දැන් ඉතින් හිතා ගනින්කෝ මම කොහොම රචනාව ලියන්න ඇත්ද" කියලා
පැන්ඩ කතාව ඉවර කරන්නත් කලින් ම කට්ටිය පොත් උඩ දදා හිනා වෙන්න ගත්තා. ඇයි හත් දෙයියනේ කවුද හිතන්නෙ මූ මේ වගේ වැඩක් කරයි කියලා. මේ අස්සේ පැන්ඩා කෑ ගහනවා
හිනා වෙන්න එපා යකෝ. තාමත් ගල් රෝලක් දැක්කම ගෙදර මිනිස්සු කින්ඩිය දානවා අන්න ඉඩෝරය කියල
ගල් රෝලක් තෑග්ගකට දිනපු කතාවක් තියෙනවා ආර්.කේ. නාරායනන් ගේ!
ReplyDeleteඑක පාරක් දෙමව්පිය රැස්වීමකට ඉස්කෝලෙට ආපු වෙලාවක් ඉස්කෝලෙ තාර දාන්න ගෙනත් තිබ්බ ගල් රෝලක් පෙන්නල අපේ අම්මත් කිව්වා "A 10ක් ගත්තොත් අරකක් අරන් දෙනවා" කියලා :c
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteරෙස්ලින් බලන්න කෑමෑතිනම් එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com
ReplyDeleteරෙස්ලින් මල්ලි බොරුවට ඇඩ් දාන්නැතිව යනවකෝ වද නොදී
ReplyDelete@ගිනි අව් සහ ගිනි කෙලි - බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්න මීට වඩා හොඳ ක්රමයක් භාවිතා කලොත් නරක ද ?
ReplyDelete