Friday, May 28, 2010

අවවාදයයි : ආදර කතාවක් නොවේ



කාලෙකට පස්සෙ බලපු ටිකක් විදිහේ අමුතු, ඒ උනාට හිතට අල්ලපු චිත්‍රපටියක් හම්බුනා. වෙසක් මාසෙ හින්දා පිනක් කරගන්නත් කියල හිතුව කට්ටිය එක්ක බෙදා ගන්න ඕනෙ කියල. චිත්‍රපටියේ නම "500 days of summer". උඩ තියෙන පින්තූරෙ බැලුවම නම් මේක ආදර කතාවක් කියල හිතුනට ඇත්තටම මේක ආදර කතාවක් නෙමෙයි. ඔන්න නොකිව්වයි කියන්න එපා, කලින් ම කිව්වේ ඒකයි. නැත්නම් පස්සෙ මටනෙ අහගන්න වෙන්නෙ.

කතාව කෙටියෙන් මෙහෙමයි. ටොම් කියල කොල්ලෙක් ඉන්නව සුභ පැතුම්පත් නිර්මාණය කරන. මිනිහා පළමු හමුවීමෙන් ඇතිවන ආදරය, එහෙමත් නැත්නම් "love at 1st sight" වගේ දේවල් ගැන විශ්වාස කරන කොල්ලෙක්. දවසක් මිනිහ දකිනව බොස්ගෙ අලුත් ඇසිස්ටන්ට් එහෙමත් නැත්නම් සහයිකාව. දැක්ක වෙලාවෙ ඉඳන් කොල්ල මේ කෙල්ලට පිස්සු වැටෙනවා (හිත ගිය තැන මාළිගාව කියනවලු නේ). කොහෙන් කොහොම හරි ඉතින් මිනිහ මේ කෙල්ල එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නව. හැබැයි පොඩී අවුලක් තියෙනව..

මේ පිස්සු වැටිල ඉන්න කෙල්ලගෙ නම සමර් (ගිම්හානය). මේ කෙල්ල ටොම්ට වඩා ටිකක් වෙනස්. ආදරය, ආදර සඹදතා වගේ දේවල් ගැන කෙල්ල විශ්වාස කරන්නෙ නෑ.  ටොම් එක්ක සම්බන්ධය පටන් ගත්තමත් ටොම්ට මේ ගැන කියනව. ඕන අලයක් වෙන්න කියල ටොම් කොල්ලත් සමර් එක්ක දිගටම ඉන්නව. ඔන්න ඔතනින් තමයි අවුල පටන් ගන්නෙ..

මීයා සහ කේජු කෑල්ල වගේ දෙන්න බොහොම සතුටින් හිටියට සමර් එක පාරටම වෙනස් වෙනවා ටොම්ටවත් හිතාගන්න බැරි විදිහට. මේක අපේ ටොම් කොල්ලට දරා ගන්න බැරි වෙනව. ඒක හින්දා වෙන දේවල් ගැන තමයි චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ. මුලු කතාවම කිව්වොත් වැඩක් නැති වෙන නිසා මං මෙතනින් නවත්තවා.

චිත්‍රපටිය යන්නේ ටොම්ට සමර්ව හම්ඹුන දා ඉඳන් දවස් 500 යනකං. ඒක එක දිගට පලවෙනි දවසේ ඉඳන් 500 වෙනි දවස වෙනකං ඔහේ යන්නෙ නැතුව බොහොම රසවත් විදිහකට යන්න සලස්වලා තියෙන්ව. දවස් ගාන පෙන්නද්දි යොදා ගෙන තියෙන පසුබිම් රූපය ටොම්ගේ මූඩ් එකට අනුව වෙනස් වෙන එකනම් ඇත්තට සෑහෙන හොඳ අදහසක්. IMDB වලත් 8.0/10 රේටින් එකක් තියෙන චිත්‍රපටියක් නිසා නිකන් ම නිකන් චාටර් එකක් නෙමෙයි කියල ඕන කෙනෙකුට තේරෙනව නේ.

තමන් බොහොම ආදරේ කරපු කෙල්ලෙක්ව/කොල්ලෙක්ව අමතක කරන්න බැරිව ඉන්න අයට නම් මේකෙන් ජීවිතේට ගන්න දෙයක් තියෙයි කියලයි මට නම් හිතෙන්නෙ. කැමති කට්ටියට බාගන්න මං ටොරන්ට් එකත් දැම්ම. බලල හිතට එන අදහස් කියල යන්නත් අමතක කරන්න එපා....

6 comments:

  1. ඔබ කිවූ පරිදි 500 days of summer තවත් එක් Romantic Comedyයක් නොවීමට එක් හේතුවක් ඇත්නම්, එය අධ්‍යක්ෂකගේ, මනා සිනමා පෙළගැස්මයි.

    ReplyDelete
  2. අද ටිකක් නිදහස් නිසා බාගෙනම බලන්න ඕනේ !!!

    ReplyDelete
  3. අද ටිකක් නිදහස් නිසා බාගෙනම බලන්න ඕනේ !!!

    ReplyDelete
  4. අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
    අපි www.sriwow.info

    ReplyDelete
  5. ‍මේක මම බලපු සිරාම චිත්‍රපටියක්!

    ReplyDelete
  6. @භාග දොස්තර-ඇත්තටම ඔව්. චිත්‍රපටිය ගලාගෙන යන විදිහ නම් නියමයි

    @හිඟන්නා-බලපන් බලපන්,මරු ෆිල්ම් එක

    @Supun Sudaraka-මමත්

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.