Tuesday, May 18, 2010

අයං වස්සාන කාලෝ




මේ දවස් වල එකසිය ගානට වැස්ස. ගෙදරින් එලියට බහින්න බෑ පොඩි රවුමක් ගහල එන්න වත්. ගෙදර ඉන්නත් වස කම්මැලියි. මොනා කරන්නද ඉතින්, ඕන අලයක් වෙන්න කියල කාලෙක ඉඳන් කරන්න හිටපු වැඩකට අත ගැහුව.

ගොඩ කාලෙක ඉඳන් තිබ්බ අමාරුවක් තමයි ෆෝන් එක ෆ්ලෑශ් කරන්න ඕන කම. වැඩේ හරියට ම දන්නෙ නැති නිසා ටිකක් වැඩේ පස්සට දාල තිබ්බෙ. මොකද ඉතින් වැඩේ ගැස්සුනොත් ඉතින් ෆෝන් එක යකඩ බඩු කඩේකට දෙන්න තමයි වෙන්නේ.


කොහෙන් කොහොම හරි ඉතින් රට වටේ තිබ්බ forum වල කරක් ගහල, tutorial මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි කියවල අන්තිමට ෆෝන් එක ගඩොලක් නොවන මට්ටමින් වැඩේ කර ගන්න පුලුවන් උනා. පාවිච්චි කරපු සොෆ්ට්වෙයා එක නම් XS++ කියල එකක්. ඒකෙන් වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්. කැමති අයට මෙතනින් ගන්න පුලුවන් XS++

මුලින්ම කියන්න ඕනෙ මම මේ කතා කරන්නේ sony ericsson ෆෝන් එකක් ගැන කියල. nokia  ෆෝන් ගැන නම් මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. ෆ්ලෑශ් කරන්න අදහසක් තියෙනව නම් topsony කියන වෙබ් අඩවියෙ ලියාපදිංචි උනා නම් ඕනෙ කරන ගොඩක් දේවල් එතනින් හොයා ගන්න පුලුවන්. ෆෝන් එකට ඕනෙ කරන file system එක, firmware එක (ෆෝන් එක ෆ්ලෑශ් කරනව කියන්නෙ මේව අලුතෙන් දාන එක, කම්පුටර් එකට windows  දානව වගෙ) වගෙ ඕන කරන දේවල් ගොඩක් එතනින් හොයා ගන්න පුලුවන්. ඒ වගේම ෆ්ලෑශ් කිරීම ගැන හොඳ tutorial හොයා ගන්නත් පුලුවන්. ඒ වගේ තව හොඳ තැනක් තමයි se-nse කියන්නෙත්. ඒ වගේම ලංකාවේ elakiri එකෙත් හොඳ ලිපියක් තිබ්බ හින්දා ඒකත් ඔන්න ඇමනුවා. කැමති අයට ගිහින් කියවල බලලා තමන්ගේ ෆෝන් එක ෆ්ලෑශ් කරගන්න පුලුවන්.

ඕනෙ උදව්වක් තියෙනව නම් අහන්න, පුලුවන් දෙයක් නම් බොක්කෙන්ම උදව් කරන්නම්...

2 comments:

  1. information එනනම් මරැ වගේම වටිනවා

    අනේ මන්දා වැස්සනම් මෙලෝ රහක් නැ අපේ ගෙදර යට තට්ටුවෙන් බාගයක් වතුර මෙවට වගකිවයුත්තො කවුද කියන එන අපි දන්නෙත් නැ
    අපි www.sriwow.info

    ReplyDelete
  2. අදහසට නම් ස්තූතියි. හැබැයි මෙහෙම spam කරන එක නම් ටිකක් හොඳ මදි නේද?

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.