Wednesday, May 12, 2010

ගොඩ දැමීම


අද යාලුවෙක්ව ගොඩ දාන්න බර ගේමක් දුන්න. ''ගොඩ දාන්න'' කිව්වේ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. මිනිහා මාස ගානක් තිස්සේ මූනු පොතේ චැට් එක දාගෙන ඉන්න කෙල්ලෙක්. ඇත්තම කිව්වොත් අපේම යාලුවෙක්ගෙ නෑනා පොඩ්ඩ, මිනිහම තමයි මම මුලින් කිව්ව යාලුවට නෑනා පොඩ්ඩ ගැන මුලින්ම කිව්වෙත්, දවසක් දෙකක් විතර කෙල්ලගේ ගෙදරත් එක්කන් ගියා එක එක හේතු හදාගෙන. අපිත් ඉතින් පැත්තක ඉඳන් ෆුල් සප් එක දුන්නා වැඩේට.

කොහෙන් කොහොම හරි මෙච්චර දවසක් මිනිහා වටෙන් ගොඩෙන් යාලුවෙක් වගේ කතා කරා විතරයි. තාම official  පැණි ටෝක් එක දාල තිබ්බෙ නෑ. විභාගෙ අරව මේව හින්දා වැඩේ කල් ගියා. විභාගෙ ඉවර උන ගමන් මමයි අර මස්සිනා පොඩ්ඩයි කොල්ලට තර්ජනය කරල කිව්ව ''උඹ කෙල්ලගෙන් දැන් ඇහුවෙ නැත්නම් අපි උඹට වෙඩි තියනවා'' කියලා. නැත්නම් මූ හැමදාම මේක කල් දදා  ඉන්නව මිසක් මේ කපේට අහන්නේ නෑ. කොහොම කොහොම හරි කොල්ලා ආයෙමත් ගේමට එන්ටර් උනා.

 

මෙන්න බොලේ අද මූ එකපාර මැසේජ් එකක් එවනවා මචං ලොකු හදිස්සියක් කියල. අපි කවදත් නොමිලේ කයිය ගහන්න සෙට් වෙන skype  එකෙන් කතා කරල බැලුව මොකෝ කියල. බැලින්නම් කොල්ල චාරිත්‍රානුකූල පුරස්නෙ අහන්නයි හදන්නේ. කොහොම හරි දඟලල කොරල කොල්ල පුරස්නෙ ඇහැව්ව. හපෝයි මෙන්න කෙල්ල කියාපිය මට ඔය අයිය කෙනෙක් වගේ කියල (අපේ නෑන පොඩ්ඩ කොල්ලට වඩා අවුරුදු කීපයක් බාලයි).

හත් ඉලව්වයි, දැන් මොකෝ කරන්නේ. කොල්ල නාහෙන් අඬනව දැන් මොකෝ කරන්නේ අහල. එහෙමත් වැඩේ අතාරින්න පුලුවන් ද? අපේ කතාවට මස්සිනාවත් සෙට් කර ගත්ත. මිනිහටත් සීන් එක කිව්ව. කොහොම හරි නෑන පොඩ්ඩ තව විනාඩි 15කින් එන පොරොන්දුව පිට offline  ගියා. දැන් ඉතින් තුන්දෙනත් එක්ක දහ අතේ කල්පනා කරනව මොකෝ කරන්නේ කියල. 

විනාඩි 15 කිව්වට 20ක් විතර ගියාට පස්සේ ආයෙමත් නෑනා පොඩ්ඩ online ආවා.  දැන් ඉතින් තුන්දෙනා එකතුවෙලා කියන්න ඕනෙ දේවල් හොයනවා. නෑනා පොඩ්ඩ එක එක කොන්දේසි දානව.  විභාගෙ ඉවර වෙනකම් බැහැලු, වෙන කෙනෙක් හොයාගන්නලු, ඔයා මට අයියා කෙනෙක් වගේලු. දන්නවනේ ඉතින් කෙල්ලෝ කියන කතා, ඔය ඔක්කොම කියනව. අපිත් ගේම අතෑරියෙ නෑ, gamer ඩොට් lk කියල අපිත් දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම.

ඉස්සර නම් නෑනා පොඩ්ඩගේ අකමැති පාටක් තිබ්බෙ නෑ, ඒක හින්දා අපේ කොල්ලත් ෆුල් මොරාල් එකේ හිටියේ. දැන්නේ මේ රටේ නැති මගුල් කියන්නේ, අපිටත් මළ අතේ. කොහොම හරි නෑනා පොඩ්ඩගේ විභාගේ ඉවර වෙනකමි ඉන්න එකඟතාව මත අද කතාව ඉවර කලා. අපේ කොල්ලනම් ටිකක් අවුලෙන් වගේ, හැබැයි මම නම් හිතන්නේ වැඩේ 50%ක් විතර ගොඩ කියල. අනේ මන්දා, අපි ඉතින් බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියල. අපි ඉතින් අපේ කොල්ලට '' ගොඩම පලයන්'' කියල එකෙන්ම ප්‍රාර්ථනා කරමු...


8 comments:

  1. කිසි දේකට බයවෙන්න එපා කෙල්ල කැමති වෙනවා ෂුවර්.......ඒ උනාට පොඩ්ඩක් Touch 1 ඉන්න කියපන් :) ඌට මාත් සුභ පැතුවා කියන්න :)

    ReplyDelete
  2. මමත් කියන්නෙ වැඩේ හරි යනව කියලයි. ඒත් ඉතින් ඔය විභාගෙ ඉවර වෙනකන් පොඩ්ඩක් ඇහැ දාගන ඉන්න කියන්න දන්නවනෙ කෙල්ලන්ගෙ හිත් ඉතින් මල් වගේ නෙ.

    ReplyDelete
  3. අනේ ඉතින් ඔය විදිහට මේ මාවත් ගොඩ දාපල්ලකො .....

    ReplyDelete
  4. කරන මඟුලක් සීරියස් කොරන්න කියපිය.පස්සේ බූට් තියලා කෙල්ලට දුකක් දුන්නොත් 1000% සුවර් විඳවන්න වෙනවා.මගෙන් සුභපැතුම්

    ReplyDelete
  5. කට්ටියට බොහොම ස්තුතියි. අපේ කොල්ල ෆුල් බොක්කෙන් කරන්නේ. අවුලක් නෑ, නෑනා පොඩ්ඩත් කිව්වා දිගටම චැට් එක දාන්න එන්න කියල. ඉතින් ටච් එකේ ඉන්න පුලුවන්. මමත් හිතනව වැඩේ ගොඩයයි කියල. මොකද මම අත ගහපු වැඩක් මෙතෙක් කාලෙකට වැරදිලා නෑ (මගේ වැඩේ ඇරෙන්න :( )

    ReplyDelete
  6. කෙල්ලො ඔහොම තමයි ඉතින්.... පොඩි කෙල්ලෙක් ( ස්කොලේ යන ) වගේ. එයාල කොහොමත් ඔහොම තමා... අර කිව්ව වගේ ටච් එකේ ඉන්න කියපන්... කතාව දාගෙන... හරි යයි...

    ඒ වගේම කිව්ව වගේ... කල කම් පල දෙනවා කොල්ලො.... බූට් එහෙම තියල තිබ්බොත් ඒවත් කවද හරි පල දෙනවා... අත්දුටුවයි.

    ReplyDelete
  7. අපි සප් එක දෙන්නේ බොක්කෙන් කරනව නම් විතරයි :D නැත්නම් ඉතින් යාළුව උනත් කරන්න දෙයක් නෑ, අපෙන් නම් සප් එකක් නෑ ඕන්.....

    ReplyDelete
  8. http://kawuluwa.blogspot.com/2010/05/blog-post_20.html?showComment=1274706754416_AIe9_BEKdE5y3E6uNsvNOzqAeSqauPy6kgjjD-1fXCNiaRTqmSCf3QT9pC5PWCROo5JpdQ3kfdb0YS1IrlGaC2PKqUpXZzXki6imh0vKW2-lXqsHHxem8eXQivdgLRJN31UkGarpvBk_Le8RpRlBg645Nto4arIII1s0LrLNPF63zo9n9wtfDOmCYdHXBPDkgR0pnBf9e97-bGebiMKGwLUFFCeHKJW1VQ#c3001339310109373225

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.