Saturday, May 8, 2010

එතෙක් හිඳින්නම් මග බලා....

දින, සති, මාස ගෙවී යයි මට ඔච්චම් කරමින්
තාමත් ඉන්නේ ඇයි ද නොලැබෙන සිහිනයක් පතා
නැතිද යන්නට වෙනත් මාවත්, එකම මගක නතර වී?
ලෝකය විසල්, මහ මුහුදටත් වඩා
පිහින යන්න පිහින යන්න, තව දේ බොහොමයි
විසිතුරු පාටින්, නා නා හැඩයෙන්
තෝරා ගන්නට ඕනෑ තරම්
තවත් කොතරම් කල් ඉන්නද, වෙනසක් වේ යැයි සිතනවා ද
නුඹ නම් මහා මෝඩයෙකි!!!

උඹ ඕනෑ දෙයක් කියපන්, මම සැලෙන්නෙ නෑ
තවත් ඕනෑ තරම් කලක් මම ඉන්නම්
නොලැබෙනා සිහිනය ලබාගත් දින
මමත් සිනාසෙන්නම් උඹට
ඒ දිනය ලඟම එනවා, ඔව් ඔව් ලඟම එනවා
එතෙක් හිඳින්නම් මග බලා...


3 comments:

  1. බලාගෙන ඉන්නා එකත් එක බලාපොරොත්තුවක් කියලයි මම නම් හිතන්නේ..තව දවසක් ගෙවන්න ඒක උදව්වක් වෙනවා...මට නම් එහෙමයි..අනික වෙනස දකින්න හදවතින් පුළුවන්....

    ReplyDelete
  2. ඔබ නොදැක ගෙවුනු එක මොහොතක්......කල්පයක් තරම් මට නම්....ආදරේ හිතත දැනුනා ඔබේ රුව සිහිනෙන් දකිමින්.......

    ReplyDelete
  3. වදන් තැවරූ තොල්පෙති....
    කැලුම් විහිදූ ඇසිපිය....
    රුවන් වන් වූ මුව වත....හට
    සිහින ඇලලුනු මා සිත...
    කවදා එකට ..1..+ වෙයි දෝ....

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.