Tuesday, May 4, 2010

වැරැද්දක් ද ?


සම වයසේ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි විවාහ වෙන එකක/ආදර සම්බන්දයක් පටන් ගන්න එක නොගැලපෙන දෙයක් ද...? සමාජ විරෝධී, සදාචාර සම්පන්න නැති, සංස්කෘතියෙන් පිට, අසික්කිත්, අශීලාචාර, භයානක දෙයක් ද....?

මම ගොඩක් අහල තියෙනවා සාමාන්‍යයෙන් කසාද බදින්නෙ තමන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමියෙක්ව ලු (අපේ අම්ම,තාත්ත උනත් එහෙමයි). ඒ ඇයි කියන එක නම් මට එච්චර පැහැදිලි නෑ. සමහර විට පිරිමියා වයසින් වැඩි කෙනෙක් නිසා අත්දැකීම්, දැනුම, ශක්තිය වගේ දේවල් වලින් ගැහැනියට වඩා වැඩි නිසා වඩා හොඳින් තමන්ගේ භාර්යයාව රැක බලා ගන්න පුලුවන් කියල හිතල වෙන්න ඇති.



අනේ මන්දා, ඒකෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්. හැබැයි ඒ වගෙ බැඳපු කසාද දියාරු වෙලා ගිය අවස්ථා නැත්තෙත් නෑ.තමන්ගෙ සම වයසේ කෙල්ලෙක්ව/කොල්ලෙක්ව කසාද බැඳලා සාර්ථක පවුල් ජීවිත ගත කරන අය වගේම තමන්ට වඩා වයසින් වැඩි කෙල්ලෙක් කසාද බැඳලා හොඳින් ඉන්න අයත් ඕනෙ තරම් ඉන්නවා...

 ඇත්තටම මේ කතාවෙ සත්‍ය/අස්‍යතභාවය මොකක්ද? මේකට පැහැදිලි පිළිතුරක් තියෙනවද, නැත්නම් නිකන් බොරු මතයක් විතරද...???

මටනම් හිතෙන්නෙ ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියල. දෙන්නගෙ අදහස් ගැලපෙනව නම්, එකට ජීවත් වෙන්න පුලුවන් නම් වයස ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ (මගේ ටිකිරි මොළේට ඉතින් ඕව තේරෙන්නෙ නැහැ නේ).

ඔයාලට මේ ගැන මොකක්ද හිතෙන්නෙ.....


12 comments:

  1. පිස්සුද, දැන් trend එක වයසින් වැඩි කෙල්ලන්ව බඳින එකනෙ.

    සම වයසෙ අය විවාහ වෙන එක ගැන කෙස් පැලෙන හුඹස් තර්ක කරන්න පුළුවන්. කවුරු හරි විද්‍යාත්මකව පර්යේෂණයක් කරලා දත්ත ඉදිරිපත් කළොත් මිස මමනම් ඒ මතය පිළිගන්න ලෑස්ති නෑ.

    word verification අයින් කරමුද?

    ReplyDelete
  2. මොන විකාර කතාද ඕවා.....!! මමයි, මගේ වෙන්න ඉන්න භාර්‍යාවයිත්, එකම වයසේ.... :D කිසි අවුලක් නෑ අපේ ගෙවල්වලින්වත්.....!! :)

    Word Verification......!! Grrrrrr........!!

    ReplyDelete
  3. දෙන්නෙක්ගේ විවාහයක් සාර්ථක වෙන්නෙ ඔය කිසි දෙයක් නිසා නෙවෙයි. එකිනෙකා අවබෝධ කර ගැනීම තමයි වැදගත්.

    ReplyDelete
  4. සම වයසෙ විවාහ වල නම් කිසිම වැරද්දක් මම දක්කිනෙ නැහ. පිරිමියා ගැහනියට වඩා බාල වීමෙදී නම් යම් යම් ගැටලු ඇති විය හැකියි. ඒත් ඔබ කියන ඩෙයෙදි නම් කිසිම අවුලක් නැහ මචන්

    ReplyDelete
  5. අතීතයේදී විවාහ සිද්ධ වුණේ බොහො විට අද වගේ ප්‍රේම සම්බන්ධ වලින් නෙවෙයි. ඒ අනුව විවාහයේදී ගොඩක් කරුණු සලකා බැලුන. එවැනි විවාහයකදී ආදරය නොතිබුණා නෙවෙයි ඒත් මුල් තැන එයට වුණේ නෑ.
    එහිදී පුරුෂයා කාන්තාවට වඩා වැඩිමහල්වීම කරුණු කීපයක් මත බලාපොරොත්තු වුණා. පවුලක ප්‍රධානියා ගෘහ මූලිකය ලෙස නියමිත ගෞරවයට පාත්‍රවීමට වැඩිමහල් බව හේතුවක්. එකල පුරුෂ මූලික සමාජ ක්‍රමය ප්‍රබල වුණා. ආදරයට වඩා එම ගෞරවනීය බව පැරැණි විවාහයේ ලක්ෂණයක්.
    ඒ වගේම හැඟීම් වශයෙන් ගත්කල ගැහැණියගේ ලිංගික ආශාවන් සාමාන්‍යයෙන් වයස 40-45 වන විට හීන වී යනව. එහෙත් පුරුෂයින්ගෙ එම ආශාව මෙන්ම හැකියාව ඊට වඩා වැඩි වයසක් දක්වා විහිදෙනව. එබැවින් එවැනි අතෘප්තිමය තත්වයන් උදා නොවන්නත් සමතුලිතයක් ඇති වෙන්නත් ගැහැණිය අඩු වයස් වීමත් පුරුෂයා වැඩි වයස් වීමත් හේතුවක් වුණා.
    ඒ ගැන මමනම් දන්නෙ එපමණයි.

    ReplyDelete
  6. ගණං ගන්න එපා.

    ඔය අදහසත් අර අවුරුදු දෙදාස් පන්සී්‍යක් තිස්සෙ ආපු අනිත් ගොං අදහසුත් සමගම ආපු එකක්. දැන් ඔය ඔක්කොම කුණු කූඩෙට විසිවෙලා තියන නිසා අවුල් ගන්න දෙයක් නෑ!

    ReplyDelete
  7. මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

    අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

    වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

    ඉතින්,
    විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

    ‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

    උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

    ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගිය ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

    ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

    ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

    ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

    රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

    මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

    සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. :)

    ReplyDelete
  8. Word Verification දැම්මේ Anonymous විදිහටත් අදහස් පල කරන්න නිදහස දීල තියෙන නිසා. මගේ සමහර යාළුවන්ට gmail නැති නිසා ඒ අයගෙත් ඉල්ලීම මත තමයි එහෙම කරේ. මං ඒක ඉවත් කරන්නම්..

    ``` Outsider``` , Supun Sudaraka හොඳ විස්තරාත්මක පැහැදිලි කිරීම් කරල තිබ්බ. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.

    ReplyDelete
  9. Supun Sudaraka ගෙ අදහස් හරිම සමතුලිතයි.

    සැබැවින්ම හිත් වල ආදරය නැතනම් වයස කොහොම වුනත් පැවැත්ම තාවකාලිකයි කියල මට හිතෙනව...

    ReplyDelete
  10. mekai mata hithena hatiyata seen 1.kellanta samanyen aurudu 50 n passe lamai lebenne(arthawaharanaya nisa).aeth pirimiyekuta eeta wada kal puluwan.ekai

    ReplyDelete
  11. අනේමන්ද
    දැන්නම මම දන්නෙ මෙච්චරයි
    පොඩ්ඩක් දත තියෙන එකෙක් හොයල දෙර එඋන් කෙල්ලව බන්දලදෙනවනෙ

    ඊට පස්සෙ එකිට නෙගැභවත මහ එඋන්ට ගානක්නැ
    මගෙ භිතේ තියෙන එව වචනවලට භරවලම මම පස්සෙදවසක පෝස්ට් කරන්නම්කො'''

    ReplyDelete
  12. mage grl mata wada awurudu2k wedimal. Ape gewal walinuth ashirwade labuna. Api denna godak sathutin jeewath wenawa. Api bandinna inne thawa awuruddakin.
    Wayasa wiwahayata prashnayak newei. Wedagath wenne Adaraya..!

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.