Thursday, March 3, 2011

laptop එක overheat උනොත් ???


laptop පාවිච්චි කරන ගොඩක් අය දන්නව ඇති desktop පරිගනකයක් පාවිච්චි කරනව වගේ නෙමෙයි laptop පරිගනක රත් වීම ටිකක් විතර වැඩී කියල. ඉතින් අපි මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්නකොට එක පාරටම laptop එක ගිනි ගන්නවා වගේ තත්වයක් ඇති උනොත් ඔක්කොම කොට උඩ නේ.

Saturday, February 5, 2011

පෙට්ටිය බෙදා ගන්න


අද මම කියන්න හදන්නේ මට හම්බ උන මරු පෙට්ටියක් ගැන. පෙට්ටියක් කිව්වට මේක ඇත්තම පෙට්ටියක් නෙමෙයි. cloud computing කියන තාක්ෂනය යොදා ගෙන අපිට අපි ලඟ තියෙන ඕනෑම වර්ගයක ගොනු (files) තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න හරි, සුරක්ෂිතව ගබඩා කරල තියන්න හරි පුලුවන් ක්‍රමයක්. මේ නිසා හදිස්සියෙ හරි පරිගනකයේ දත්ත විනාශ වීමක් හරි, වයිරස් බලපෑමක් මත මැකී යාමක් හරි උනොත් බය වෙන්න දෙයක් නෑ. මොකද ඕන කරන දේවල් ඔක්කොම පෙට්ටියෙ බොහොම පරිස්සමට තියෙන නිසා.

Monday, January 31, 2011

සවන් යොමා අසනු මැන මේ දුක් ගීය



සිංහල බ්ලොග් අවකාශයේ අපේ සහෘදයෙක් වන ඉලංදාරියා හට අපේ උදව්ව අවශ්‍ය වී ඇති මේ මොහොතේ අපි හැමෝම හැකි අයුරින් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා නම් එය ඔහුට මහත් ශක්තියක් වනවා නොඅනුමානයි.

ඉලංදාරියාගෙ කතාව ඔහුගේ වචන වලින් දැන ගන්න ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. මිනිසෙකුට උදව් කල යුත්තේ ඔහුට එය හොඳින් ම අවශ්‍ය විට දී මිස වෙලාව පසු වූ පසු බොරුවට දුක් වීමෙන් නොවෙයි. සවන් සොයන ඔහුට මඳකට සවන් දෙන්න. නෑසුනා සේ සිටින්නට එපා...

Friday, January 14, 2011

YouTube නයා


කාලෙකට පස්සේ ආව මොනා හරි ලියලා යන්න කියලා. මං මේ කියන්න හදන දේ සමහරු දැනටමත් දන්නවත් ඇති. කමක් නෑ එහෙනං නොදන්න කට්ටිය අද දැනගන්න කෝ. හැමෝම දන්න කියන ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නේ YouTube කියන්නේ. මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕන උනාම ඕනම කෙනෙක් යන්නේ ඔතනට නේ. 

Monday, December 13, 2010

සදා නොමියෙන ක්ලැරන්ස්


ක්ලැරන්ස් කියන්නේ අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්. ඔහුගේ වියෝවෙන් මෙතරම් කලක් ගිහිල්ලත් තාමත් අපි ඒ ගීත් වල ආස කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඇත්තටම ශ්‍රී ලාකීය සංගීත කරලියට අලුත් ම වෙනසක් හඳුන්වා දුන්න කෙනෙක් හැටියටත් අපිට ක්ලැරන්ස් විජේවර්දන මහතාව හඳුන්වන්න පුලුවන්.

මට මේ ලඟදි හම්බුනා මෑත කාලින ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "මේරියන්ස්" සංගීත කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ජනප්‍රිය ගීත කීපයක් නොනවතවා (non stop) ගායනා කරපු අවස්ථාවක් ඔවුන්ගේ ප්‍රසංගයකදී. ඉතින් මං වගේ ම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ගීත වලට ඇලුම් කරන කට්ටියත් එක්ක මේක බෙදා ගන්න ඕන කියල හිතුවා. මං හිතනවා මං වගේම ඔයාලත් මේ ගීත ගොඩක් රසවිඳීවි කියලා 


මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.