Friday, January 14, 2011

YouTube නයා


කාලෙකට පස්සේ ආව මොනා හරි ලියලා යන්න කියලා. මං මේ කියන්න හදන දේ සමහරු දැනටමත් දන්නවත් ඇති. කමක් නෑ එහෙනං නොදන්න කට්ටිය අද දැනගන්න කෝ. හැමෝම දන්න කියන ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නේ YouTube කියන්නේ. මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕන උනාම ඕනම කෙනෙක් යන්නේ ඔතනට නේ. 

ලංකාව වගේ ඉතා...ම වේගවත් අන්තර්ජාල පහසුකම් තියෙන රටවල අයට ටිකක් උසස් තත්වයකින් (480p, 720p, 1080p) යුතුව, YouTube වෙබ් අඩවියෙන් වීඩියෝවක් බලනවා කියන්නේ ඉවසීම දියුණු කර ගන්න යොදා ගන්න පුලුවන් හොද ක්‍රමයක්. මොකද එච්චර ඉක්මනට වීඩියෝ buffer වෙන නිසා. ආසාවෙන් බලන වීඩියෝ එකක් මග දි නැවතිලා, ඉතුරු ටික buffer  වෙනකන් බලං ඉන්නවා කියන්නේ ඉතින් කොච්චර එපා කරපු වැඩක් ද කියලා මේ අත්දැකීමට මුහුණ දීපු අය හොඳට දන්නවා ඇති.

මං අද කියන්න යන්නේ මේක පොඩ්ඩක් විතර මග හැර ගන්න, මට අහම්බෙන් වගේ හොයාගන්න ලැබුන  ක්‍රමයක් ගැන. මෙන්න මේකයි කරන්න ඕන.
  • මුලින් ම තමන් බලන්න සූදානම් වෙන වීඩියෝ එක වෙත යන්න.
  • එතකොට ඔයාලට බලාගන්න පුලුවන් වීඩියෝ එක buffer වෙනතුරු වීඩියෝ එක මැද සුදු පාට තිත් වලින් හැදුන පොඩි රවුමක් කැරකෙනවා.
  • දැන් තමන්ගේ යතුරු පුවරුවෙ "උඩට" හෝ "පහළට" තියෙන යතුරු දෙකෙන් එකක් ඔබල බලන්න වෙන්නේ මොකක්ද කියලා.
  • මේ තියෙන්නේ අපි කවුරුත් වගේ ජංගම දුරකතන වලින් ක්‍රීඩා කරලා තිබෙන snake කියන ක්‍රීඩාව කියල ඕනම කෙනෙක්ට මතක් වෙයි.
  • දැන් ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා (pause කරලා) වීඩියෝ  එක සම්පූර්නයෙන් buffer වෙනතුරු ක්‍රීඩා කරන්න.
වීඩියෝ එක සම්පූර්න වෙනකම් විතරක් නෙමෙයි, වැඩක් නැති කම්මැලි වෙලාවක උනත් YouTube පැත්තේ ගිහින් පරණ පුරුදු "නයා" ක්‍රීඩා කරලා එන්න පුලුවන්.

9 comments:

  1. හික් හික් ඒ තරම්ම වේගවත්ද බන් ලංකාවෙ යු ටුයුබ්

    ReplyDelete
  2. @පිස්සා පලාමල්ල - ආපුවම බලාගන්න කෝ :h

    ReplyDelete
  3. ela macho tks. SLT speed ekath ekka vedio balanna meka honadayi......:b

    ReplyDelete
  4. @Ano-ඒක තමයි අනිත් හිසරදේ. ආතල් එකේ තිබ්බ අපේ ADSL වලටත් කණ කොකා ඇඬුවනේ :s

    ReplyDelete
  5. අහ් එල එල.. එහෙනන් නයාව බල බලවත් ඉන්න පුලුවන් :D

    ReplyDelete
  6. වෙන මොනා කරන්න ද, ලබා උපන් හැටි නේ :s

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.