Tuesday, June 8, 2010

බලු හුරතල්

මේ මට විද්‍යුත් තැපෑලෙන් ලැබිච්ච පිංතූර ටිකක්. හිතුන කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳා කියල...

සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ













පේනවනේ බලු තඩිය කරල තියෙන දේ? දන්න හැටියටනම් මේ American pitbull  කියන ජාතියේ සුනඛ පෝතකයෙක්. ආරංචි වෙච්ච විදිහට නම් හරි හැටි පුරුදු පුහුණු කලේ නැතිනම් මේ කට්ටිය ටිකක් දරුණු වෙන්න පුලුවන් ලු. එහෙම කෙනෙක් ද දන්නෙත් නෑ මේ අසරණ මනුස්සයට අලුතෙන් මූණක් දා ගන්න තැනට වැඩ කටයුතු කරේ...

22 comments:

  1. අන්දෝ සංසාරේ!!

    ReplyDelete
  2. "බල්ලොත් එක්ක වැඩි ගනු දෙනු හොඳ නැත!!!!" : ඕක මගේ ආදර්ශ පාඨයක්!!! මොකද ජොලියට හැපුවත් ඉන්ජක්ශන් 12ක් ද කොහෙද ගහනව නොවෑ!!!! ඊට හොඳයිනෙ ටිකක් ඈත් වෙලා ඉන්න එක :))))

    ReplyDelete
  3. ජංජාල චාමර කියපුදේට පොඩ්ඩක් එකතුත් කරල තමයි මම වැඩකරන්නේ. කිසිම තිරිසන් සතෙකු සමඟ ඕනවට වඩා ගනුදෙනු ඕනම නැත.

    ReplyDelete
  4. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනේ...

    ReplyDelete
  5. ඔය පින්තූර ටික කලු සුදු උනානම් හොඳයි වගෙ නේද????

    ReplyDelete
  6. ''සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ''

    කියලම පටන් ගත්තේ ඒක තමයි :D

    ReplyDelete
  7. මිනිස්සුන්ටත් අන්තයිනෙ මේ දඩෝරියා..

    ReplyDelete
  8. අම්මෝ මට වෙච්ච දෙයක්. කවදාවත් නොවිච්ච දෙයක්. ''සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ'' කියන කොටහ දකින්වත් වුනේ නැහැ. මේසේ උඩ තිබුන ෆයිල් එකක් ස්පේස් බාර් එක උඩට වැදිලා එක පාරම පිංතූර ටික පෙනීගෙන ගියා. ''සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ'' දැක්කා නම් බලන්නේ නැහැ. හැබැයි දැන්නම් පිංතූර ටික දෙවැනි සැරේටත් බැලුවා.

    freedom කිව්ව එක තමයි කියන්න තියෙන්නේ.
    අන්දෝ සංසාරේ!! (එඩිටඩ් ෆොටෝ නෙමෙයි නම්)

    ReplyDelete
  9. අනිත් කාරණාව ඔහොම මූණෙන් විශාල කොටසක් අහිමි වුනා නම් මිනිහෙකුට වගේ වගක් නැහැ වගේ ඔහොම ඉඳගෙන ඉන්න පුළුවන්ද හැබෑටම. ජීවත් වෙනවා නම් ඒකත් පුදුමයක් මට නම්.

    ඒකටත් කියන්න තියෙන්නේ ඉතිං,
    අන්දෝ සංසාරේ!!

    ReplyDelete
  10. @randil- පිංතූර වල සත්‍යතාව ගැන නම් කියන්න දන්නෙ නෑ, මොකද මේ මටත් විද්‍යුත් තැපෑලෙන් ලැබුන ටිකක්. අනික් එක මේක ඡායාරූපයක් නිසා අපිට කියන්න බෑ මේ මනුස්සයා වගක් වත් නැතුවද ඉන්නේ කියල (මොකද ඉතින් සද්දේ ඇහෙන්නෙ නෑ නේ ;))

    ReplyDelete
  11. හපොයි.... මනුස්සය ඉවරයිනේ

    ReplyDelete
  12. අන්දෝ සංසාරේ!! ම තමයි ..

    ReplyDelete
  13. පුහ්!!! ඔන්න බල්ලො. අපේ දිහාත් එකෙක් ඉන්නව. හැබැයි මේ වගේ පාතාල ලෝකෙ එකෙක් නං නෙමෙයි.

    ReplyDelete
  14. දඩෝරියා ඉදලා ඉදලා කරලා තියෙන වැඩේ තමා වැඩේ. අර මනුස්සයා බල්ලට හිරිහැරයක් කරලාද ඔච්චර ඩැමේජ් ?

    ReplyDelete
  15. ඒකනං අහන්න වෙන්නෙ බල්ලගෙන් ම තමයි...හික්ස් :)

    ReplyDelete
  16. බල්ලත් ඉතින් බව් බව් කියයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ අහන කෙනා පරිස්සම් වෙන්න වෙනවා. පේනවානේ :)

    ReplyDelete
  17. මචෝ,
    ඇත්තටම මේ පින්තූරෙ ඉන්න බල්ල නම් ඇමරිකන් පිට් බුල් වර්ගගයේ එකෙක්. මේ වර්ගය ලංකාවෙ නම් හොයාගන්න අඩුයි. හැබැයි ඉතින් මුන් තමන්ගෙ ස්වාමියාට ඉතාමත් කීකරු හා පක්ෂපාතී වර්ගයක් විධියට තමයි සැලකෙන්නේ. ඒවගේම මොවුන් හොඳ family dogs වර්ගයක් විධියටත් අතීතයේ සැලකුනා. සමහර විට මේ මිනිහා බල්ලට බලු වැඩක් කලාද දන්නෙ නෑ මෙහෙම කරන්න. මුන්ගෙ කීකරු හා පක්ෂපාතී බව නිසාම දැන් මුන්ව බලු පොර වලට ගන්නවා. හැබැයි ඒ හින්දම මේ වර්ගය බල්ලන් අතරින් වැඩියෙන්ම වරදවා වටහා ගත් හා වැඩියෙන්ම අසාධාරණයට ලක්වූ වර්ග වලින් එකක්.

    අනික මේ පින්තූර ඇත්ත ඒවද කියල කියන්නත් බෑ. මොනවා උනත් මිනිස්සු මුන්ට කරන දේවල් දැක්කම මේ මොනවද කියල හිතෙනවා.
    මේකත් බලන්නකෝ:
    http://trueorcrazy.blogspot.com/2010/03/earthlings.html

    ReplyDelete
  18. @ජීවන්ත-බොහොම ස්තූතියි බල්ල ගැන විස්තරයට. මගේ යාලුවෙක් කිව්වේ මේ rottweiler වර්ගයේ එකෙක් කියල. මම දැන්ම මේක සංස්කරනය කරනව :))

    ReplyDelete
  19. මොනව උනත් බල්ල කරල තියෙන්නෙනම් බලු වැඩේ අයියෙ...:D....ඒත් මන් දන්න තරමින් නම් බල්ලො ඔය වගේ බලු වැඩ නිකන් කරන්නෑ මිනිහත් බලුස්ට මොකක් හරි කරන්න ඇති

    ReplyDelete
  20. ඔව් ඔව් මමත් එකඟයි. අනවසරයෙන් ඇතුල් උන හොරෙක් වගේ කෙනෙක් ද දන්නේ නැහැ නේ මේ මිනිහා...

    ReplyDelete
  21. හප්පා පිංතුර ටික දැක්කම බල්ලෝ බත් කන්නේ නැ !!! :P

    ReplyDelete
  22. හත්තිලව්වයි! බල්ලොනං මතක් කරන්න එපා.ඊයෙ අපේ පූස් පැටියෙක්ව හපලා මරල දාලා.මට ඌව අදුරගන්නම සෑහෙන්න වෙලාවක් ගියා!:h

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.