කාලෙකින් මේ පැත්තේ ආවෙ. ගොඩක් දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා තිබ්බ වැඩ නිසා. ඔන්න ඉතින් මේ පාර ජර මරෙන් කියන්න හදන්නෙ අපේ ටිං ටිං ගැන. ටිං ටිං ගැන දැනටමත් ඔයාල දන්නවත් ඇති, මොකද පහුගිය කතා කීපයකම අපිට මිනිහව හම්බ උනා නේ. අද ඔයාලට කියන්න හදන්නේ ටිං ටිං ට තිබ්බ අපූරු හැකියාවක් ගැන. එහෙමත් නැත්නම් ටිං ටිංගේ "සුපර් පවර්ස්" ගැන.
සාමාන්‍යයෙන් ඉතින් සුපර් පවර්ස්, එහෙමත් නැත්නම් සුපිරි බලයන් කිව්වම අපිට මතක් වෙන්නේ සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ කට්ටිය නේ. පියාඹන, ගොඩක් දුර පනින, වේගවත්, ශක්තිමත් වගේ දේවල් නේ ඔලුවට එන්නේ. හැබැයි අපේ ටිං ටිංට තිබ්බ පවර් එක ඔය ඔක්කොට ම වඩා හාත් පසින් ම වෙනස් එකක්.ඒ තමයි "නිදා ගැනීම". දැන් කට්ටිය බලයි ඕකත් මහ දෙයක් ද අපිටත් පුලුවන් නේ කියලා. හැබැයි ඔන්න ඔතනදි තමයි ටිං ටිංගේ හැකියාව වෙනස් වෙන්නේ. මිනිහට ඕන වෙලාවක, ඕන තැනක, ඕන විදියකට නිදා ගන්න පුලුවන්. කොටින් ම කිව්වොත් හිටගෙන උනත් නිදා ගන්න පුලුවන්. ඕනැම පරිසර තත්වයක් යටතේ කන පැලෙන්න නිදා ගන්න පුලුවන් කියන්නේ ඉතින් සුපර් පවර් එකක් ලැබුනා වගේ තමයි.
ටිංටිං තමන්ට මෙහෙම අපූරු හැකියාවක් තියෙනව කියල දැන ගත්තේ මීට අවුරුදු 2, 3කට කලින්. මහ රෑ වෙනකන් පිස්සු නටල මහ පාන්දරම අකුරු කරන්න යන්න නැගිටිනව කියන්නේ පැය 3, 4කට වඩා නිදා ගන්න වෙන්නෙ නෑ කියන එක නේ. ඉතින් දෙයියනේ මිනිහෙක් උනාම පැය 3, 4ක් නිදාගෙන ඇතිද මං අහන්නෙ? කට්ට කපල නිදා ගන්න එපැයි. ඔන්න ඔය වෙලාවට තමයි පොදු ප්‍රවාහන සේවා වල පිහිට ටිංටිං ට හම්බ උනේ.
කුකුළත් අතින් අරන් ගිහින් ඩොටේ ඉඳන් එන බස් එකක එල්ලෙන්නේ ඉක්මනට යන්න පුලුවන් නිසා. හැබැයි ඉතින් සමහර වෙලාවට ඔය බස් වල කට පුරවල සෙනග, ඉතින් වාඩි වෙනවා කියන්නේ ඔසාම බින්ලාඩංට අමෙරිකාවෙ ෂොපිං පාරක් දාන්න සෙට් වෙනවා වගේ අමු කනා පාරක් තමයි. ඉතින් වාඩි උනේ නෑ කියල හරි යන්නෙ නෑ, නිදා ගන්නත් එපයි. ඉතින් ටිංටිං කරන්නේ ෆුල් ඩම් එක දාල බස් එකේ උඩ තියෙන පොල්ල දෑතින් බදාගෙන කන පැලෙන්න නිදා ගන්න එක. කට්ටිය දන්නව ඇති ඔය ඩොටේ ඉඳන් එන බස් වල සීට් තියෙන්නෙ එක පැත්තෙ දෙකයි, අනිත් පැත්තෙ තුනයි කියන ස්ටයිල් එකට නේ. ඉතින් හිටගෙන ඉන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි වගේ. ඒක හින්දා වැටෙයි කියලා බයකුත් නෑ.
හැබැයි ඉතින් යකඩ යකාගෙ තත්වේ මීට වෙනස්. මොකද එකසිය ගානට ඉඩ තියෙන නිසා වැටෙන්න චාන්ස් හිටු කියලා. හැබැයි එහෙම කියලා ටිංටිංව නවත්තන්න නම් බැරි උනා. කට්ටිය දැකල ඇති නේ කෝච්චි පෙට්ටි ඇතුලේ කට්ටියට අල්ලගන්න කියල හදල තියෙන, වහලේ ඉඳන් බිමට තියෙන පොලු. මිනිහ කරන්නෙ අත් දෙක පිටිපස්සට දාල ඔය කනුවකට හේත්තුවෙන එක. ඊට පස්සෙ ෆුල් ඩම් දාල කනුව අල්ලගත්තම සැප කනේ කියල නිදා ගන්න පුලුවන්. හැබැයි ඉතින් චාටර් ම සීන් එක ඒක නෙමෙයි. නින්ද ගිහිල්ල පොඩ්ඩක් හරි වැටෙන්න වගේ ගියොත් කවුරු හරි කතා කරල සීට් එක දෙන එක. අම්මප ඒ වෙලාවට තමයි ටිංටිංට කෝච්චි පෙට්ටිය හරහා ගිහින් සිල්බරං කොට හපාගෙන පොලොව පලාගෙන යන්න හිතෙන්නේ. කොච්චර එපා කිව්වත් සීට් එක දෙන්නම හදනවා නම් ඉතින් ශේප් එකෙ වාඩි වෙලා මූන වහං නිදා ගන්නව ආයෙමත් කාටවත් නෝන්ඩි වෙන්න කලින්. විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා ඉතිං.
පොදු ප්‍රවාහන සේවා විතරක් නෙමෙයි ඉතින් ටිංටිං තමන්ගේ සුපර් පවර්ස් පාටසාලවෙත් කිසි ලෝභකමක් නැතුව පාවිච්චි කරනවා. ඇදුරුත්මීලා, ආචාර්යයතුමාල හිටිය කියල ගානක් නෑ. හැමදාම ඔලුවෙ සාක්කුවෙ දාගෙන නිදා ගන්න ටිංටිං අමතක කරන්නෙ නෑ. හොඳම සීන් එක අපේ සෙට් එක වාඩි වෙන්නෙත් පාටසාලාවෙ ඉස්සරහ ම පේලියක. ඉස්සරහට ම වෙලා කිසි විලි ලැජ්ජාවක් නැතිව නිදා ගන්න පුලුවන්කම තියෙන්නේ සුපර් පවර්ස් වලට පින් සිද්ධ වෙන්න තමයි.
:t
ReplyDeleteහික් හික් ඔය වගේ ටිං ටිං ලා ඉන්නවා නොවැ දුර ගමන් කෝච්චි බස් වල... හැබැයි ඉතින් පව්...
ReplyDelete