වැඩි වියදමකින් තොරව ගෙදරදීම උනත් හදා ගන්න පුලුවන් සුපිරි බේතක් තමයි මේ. ඒ තමයි ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් කොල වලින් හදා ගන්න ඉස්ම. මෙච්චර ගස්ලබු ගස් තියෙන මේ රටේ ආයෙ අමුතුවෙන් මහා වියදමක් කරන්නේ නැතුවම ලෙඩේ හොඳටම හොඳ කර ගන්න පුලුවන් එක කොච්චර දෙයක් ද. අනම් මනම් බයිලා ගහන්නේ නැතුව මං කෙලින් ම කියන්නම් කෝ බේත හදා ගන්න ඕන විදිහ.
උපුටා ගැනීම දුමීගේ කට කහන කතා බ්ලොග් අඩවියෙන්
ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,
1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.
මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.
දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?
කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?
අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.
වැඩිය දෙයක් ලියන්න වෙලාව නෑ. ඔෆිස් එක වහන්න යන්නේ. එකක් කියන්නම්. තීම් එක නියමයි. පස්සේ වෙලාවක පොස්ට් එකට කමන්ට් එකක් දාන්නම්.
ReplyDeleteබොහොම ස්තූතියි යාළුවා ක්මෙන්ට් එකට :e
ReplyDelete