Sunday, July 11, 2010

ජර මරේ 2 - මචං ගොඩක් අමාරුද...???


අද ජර මරෙන් කියන්න යන්නේ අපේ යාළුවො සෙට් එකේ ඉන්න තවත් යාළුවෙක් සම්බන්ද සිද්ධියක්. අපේ කතා නායකයා උපාසක. මිනිහා කොහොමත් ඉතින් සිල් ගත්ත වගේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් උපාසක ඤාව්වෝ තමයිලු මීයො ඩබල් ඩබල් අල්ලන්නේ.

කොහොම හරි මෙන්න මේකයි වෙච්ච සීන් කෝන් එක. අපේ උපාසකගේ පියානෝ වැඩ කරපු තැන පොඩි ජර මරයක් වෙලා. කොහෙන් කොහොම හරි ලාවට විතර චූටි ගුටි කෙලියකුත් ගිහින් තියෙනවා. මේක ආරංචි වෙච්ච උපාසක මේ සීන් කෝන් එක අපේ ටිංටිංට කිව්වා. ''මාර වැඩේනේ ටිංටිං, අපේ පියානෝ වැඩ කරන තැන පොඩි ජර මරයක් වෙලා නේ, තව පොඩ්ඩෙන් පියානෝත් මෙලෝඩිකා  වෙන්න කනවලු. වැඩේ තාමත් නැගලා යනවලු, කොහෙන් කෙලවර වෙයිද දන්නෑ ''. මොනා උනත් ඉතින් අතිජාත මිත්තරයනේ කියලා ටිංටිං පස්සේ අහලා බැලුවා මොකෝ තත්වේ කියලා. එතකොට දැන ගත්ත යන්තන් පියානෝ පැණි මුට්ටිය හිල් කරගන්නේ නැතුව (ඉංගිරීසියෙන් කිව්වොත්  oluwa palaa ganne nethuwa) යහතින් ගෙදර ආව කියල.

 කොහෙන් කොහොම හරි උපාසකගේ පියානෝගේ වැඩ කරපු තැන වෙච්ච මේ ජර මරේ එකෝමත් එක රට පුරාම ආරංචි උනා. කාලෙකින් යාළුවන්ට ගිනි ගෙඩියක්වත් දෙන්න බැරි උන ටිංටිංගේ ටිකිරි මොළේට ආවා මරු අයිඩියා පාරක්. දෙන්නම් වැඩක් කියලා ඇඹරුවා හොඳ ගුලියක්. වහාම කතා කලා රොබින්(හුඩ්)ට ''මචං මාර වැඩේ නේ. ආරංචිද උපාසකගේ පියානෝ වැඩ කරන තැන සීන් එක. මිනිහගේ පියානෝටත් දෙකක් තුනක් වැදිලලු. උපාසකගෙන් කිසි සද්දයක් නෑ. පොඩ්ඩක් කතා කරල බැලුව නම් හොඳයි නේ''. ලණුව කාපු රොබින්(හුඩ්) වහාම කතා කරා උපාසකට. ''මොකෝ මචං සීන් එක. පියානෝට අමාරුද. මොන ඉස්පිරිතාලෙද...'' දහසකුත් ප්‍රශ්න. උපාසක කිව්වා ''අවුලක් නෑ, පියානෝ යහතින් ගෙදර ආව'' කියලා. 

රොබින්(හුඩ්) හරි සතුටින් මේ ආරංචිය ටිංටිංට කිව්වා. ටිංටිංට ඉතින් මැරෙන්න හිනා. පස්සේ මිනිහා ඇත්තම කතාව කියලා අනිත් කට්ටියත් ගුලිය දෙන්න කතා උනා. දැන් ඉතින් දෙන්නත් එක්ක අපේ යාළුවො කස්ටියේ අනිත් අයටත් මේ කෙබරෙ ඇද බෑවා. උපාසකට කතා කරල හරි සතුටින් ආයෙත් පනිවිඩේ දෙන කස්ටියට ගුලිය කවාපු කෙනා හිනා වෙවී ඇත්ත කතාව කියනව, කියල මිනිහවත් පච ව්‍යාපාරයට බඳවා ගන්නවා. තනියම නෝන්ඩි වෙලා ඉන්න අකමැති නිසා, හරි කැමැත්තෙන් තව එකෙක්ව අන්දන්න සහභාගී වෙනවා (අනේද කියන්නේ ඉතින්). මුලින් මුලින් යාළුවෝ පියානෝගෙ සැප දුක් අහන්න කතා කරනවා කියල හිතුනත් පස්සෙන් පහු වෙනකොට උපාසකට තේරුනා පොඩි අමුත්තක්. 

මොකද කතා කරන හැමෝම අහන්නේ එකම ප්‍රශ්නේ - '' උපාසක, පියානෝට ගොඩක් අමාරුද? ''. හරියට නිකන් පියානෝට ගහෙන් වැටුනට පස්සේ ගොනෙක් ඇනලා වගේ. උපාසකට ටිකක් වෙලා යද්දි වැඩේ මීටර් උනා, අපේ සෙට් එකේ කාගෙ හරි අලුකුත්තේරු වැඩක් තමයි මේක කියලා. පහුවෙන්දා පාටසාලාවට ආපු කස්ටිය මුකුත් දන්නේ නැති ගානට ඉන්නවා. ඉන්නම බැරි තැන පීටර් ඇහුවා ''මචං තාත්තට ගොඩක් අමාරුද බං'' කියලා.

කස්ටිය මෙච්චර වෙලා තද කරන් හිටපු හිනාව සොරබොර වැව කැඩුවා වගේ පිට වෙලා ගියා. කට්ටියගෙ හිනාවයි, ලෝබ නැතුව අත උස්සල 5 දාන හැටියි දැක්කම උපාසකට වැඩේ 150%ක් තහවුරු උනා. මොනා කරන්නද ඉතින් වෙච්ච දේ උනානේ කියලා උපාසකත් කට්ටියම එක්ක සෙට් වෙලා හිනා වෙන්න ගත්තා. වෙලාවට ඉතින් උපාසකට වැඩිය මල පනින්නේ නෑ. නැත්නම් ඉතින් උපාසකගේ පියානෝට කෙසේ වෙතත් අපේ කස්ටියට නම් රෝහල්ගත වෙන්න වෙනවා 200%ක් ෂුවර් ...


3 comments:

  1. වෙලාවට උපාසක උපාසකයෙක්ම උනේ....නැත්තන් පියානෝ ව පෙන්නයි :b

    ReplyDelete
  2. පියානො කියපු එක පස්සෙ මීටර් උනේ... මම බැලුවා මොකක්ද මේ පියානො ( සංගීත ) එක කියල හික් හික්

    ReplyDelete
  3. ලොවෙත් නෑ .. පට්ට පට්ට :d

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...